අන්තර්ජාතික සංස්කෘතික සංදර්ශනයක් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින බර්ලින්නුවර ඔලිම් පික් ක්රීඩාංගණයේදී ඉතා උත්සවාකාරයෙන් පැවැත්වුණි. ලෝකයේ රටවල් 151 ක් සහභාගී වූ මෙමසංදර්ශනයට ඒ ඒ රටවල සංස්කෘතිය විදහා දැක්වෙන දර්ශනයන් එම රටවල ජාතීන් විසින් ඉදිරිපත්කෙරුණි.ලෝක සංස්කෘතික සංදර්ශන කොමිටියේ සභාපති නෙදර්ලන්තයේ හිටපු අගමැති මහාචාර්‍ය රුඩ් ලුබර්ස්, ඉන්දීය සංචාරක හා සංස්කෘතික අමාත්‍ය සුබෝධ් කන්ට් සහයී මහතා ඇතුළු රටරටවල අගමැතිවරු, ඇමති වරු සහ යුරෝපා පාර්ලිමේන්තු මැති ඇමතිවරු රාශියක්ම සහභාගී මෙම උළෙලටලාංකික භික්‍ෂුන්වහන්සේ කෙනෙකු ලෙසට බර්ලින්නුවර සම්බෝධි විහාරාධිපති හා ගම්පහදොරණෑගොඩ සදානන්ද පිරිවෙන් රාජමහා විහාරාධිපති ශාස්තරපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ට ද ආරාධනා ලැබ ලංකාව නියෝජනය කරමින් සහභාගී වූහ.මෙම අන්තර්ජාතික සංස්කෘතික සංදර්ශනයන් නැරඹීම සඳහා අධික වර්ෂාපතනය පවානොතකා හතළිස් පන්දහසක පමණ ජනකායක් බර්ලින්නුවර ඔලිම්පික් ක්රීඩාංගණයට රුස්වූහ. තිස්වැනි වසරට පැවත් වූ මෙකී ලෝක සංස්කෘතික සංදර්ශනයේ නිර්මාර්තෘ වන්නේ ඉන්දීය ජාතික රවි රවි ශංකර් ගුරුතුමාය.මෙහිදී රවි රවි ශංකර් විසින් පැවැත්වුන ආනාපාන සති භාවනාව සහ යෝග වැඩසටහන කැපී පෙනුණි.
ඡායාරූප විස්තරයඃ
ලෝක සංස්කෘතික සංදර්ශනයේ නිර්මාර්තෘ රවි රවි ශංකර් බර්ලින් සම්බෝධි විහාරාධිපති
ශාස්තරපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමි සමග ඔලිම්පික් ක්රීඩාංගණයේදී.
බල්ගේරියන් ජාතිකයන් විසින් පැවැත් වූ සංදර්ශනයක්.





