බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම් අවබෝධයක්ද?

බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම් අවබෝධයක්ද? තථාගතයන් වහන්සේම ‘‘සෙල’’ නම් බමුණාට වදාළ අයුරින් දත යුතු සියල්ල (තථාගතයන් වහන්සේ විසින්) වෙසෙසින් දක්නා ලදි. (අභිඤෙඤයං අභිඤඤාතං) . වැඩිය යුතු සියල්ල වඩනා ලදිමි. (බාවෙතබබං ච භාවිතං) හළ යුතු සියල්ල හළෙමි. (පහාතබබං පහීනමෙම) එහෙයින් මම බුද්ධ නම් වෙමි.(තසමා බුදෙධාසමි බ‍්‍රාහමණ) දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ගාදී සත්‍යය, ස්කන්ධ, ආයතන, ධාතු බෝධි පාක්‍ෂික ධර්ම, පටිච්ච සමුප්පාද අංග ආදී ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන් ඉතා සියුම්ව ද සත්වයා ලෝකය පිළිබඳව වූ උප්පාදඨිතිභංගාදී විග්රහයන් හේතු ඵලවාදි විචාරාක්‍ෂියෙන් දත් හෙයින්ද සම්මා සම්බුද්ධ නම් වන සේකැයි අට්ඨකථාචාරීහු පෙන්වා දෙති.

බුද්ධ රත්නය යනුවෙන් සලකන විට අතීත කාලික වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වැඩ සිටියාහු ද අපගේ ස්වාමි වූ ගෞතම නම් බුදුන්වහන්සේ ද අනාගත කාලික වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වෙත් ද කාලාත්රය වර්තී සියලූ දෙනා වහන්සේම ඊට ඇතුළත් වෙති. එකී සියලූ බුදුවරයන් වහන්සේම බුද්ධ රත්නය සතු අනර්ඝ වූ ලක්‍ෂණ සමුදායෙන් සෝභමානය.

සම්මා සම්බුද්ධත්වය යනු කවරේදැ යි තථාගතයන් වහන්සේ සතු මහා ප්රඥාවෙන් අවබෝධ කට යුතුයි. ත්රිපිටකාගත සූත්රයන්හි අසදෘෂ්‍ය වූ සම්බුද්ධ ඥානය, විවිධාකාර ප්රභේධයන්ගෙන් විවරණය වී ඇත. සම්මා සම්බුද්ධත්‍වයෙහි අසිරිය ‘කාරකාරාම’ සූත්රයෙන් ‘‘සබබ`ක්‍ද`ක්‍දු භූමි, ඛීණාසව භූමි, සචච භූමි, ස`ක්‍දක්‍දත භූමි, තාදි භූමි’’ යනුවෙන් ප්රධාන කොටස්ක පහක් යටතේ ඉදිරිපත් කොට තිබේ. එය ගැඹුරින් අධ්‍යයනය කිරීම සම්මා සම්බුද්ධත්‍වයෙහි විශිෂ්ඨත්‍වය අවබෝධ කර ගැනීමට මහෝපකාරී වේ.

සම්බුද්ධතවය නිසා ගාම්භීර ඤාණ සම්පත්තියකින් සමූපලක්‍ෂිතය. සම්බුද්ධත්‍වය කරා පියවරින් පියවර අධ්‍යාත්ම සංවර්ධන කාර්යයයෙහිලා බෝධිසත්‍වයන් වහන්සේ ප්රෝත්සාහී වූ අයුරු වටහා ගැනීම මෙහිලා ඉතා වැදගත් වන්නේ ය. බෝ මැඬ කරා වැඩම කොට අපරාජිත පර්යංකයෙන් වැඩ හිඳ මාර පරාජයෙන් අනතුරුව අනාපානසති භාවනාභ්‍යාසයෙන් චතුර්ථ ධ්‍යානයට එළඹ සිත ඉන් ඉවත් කොට අනේක සංඛ්‍යාත අතීත ආත්ම භාවයන් තත්වාකාරයෙන් දකිමින් පුබ්බේනිවාසානුස්සති ඥාන ප්රතිලාභ කොට ගත්හ. අතීත විවිධ ආත්මයන්හි උපන් තැන්, ලැබූ නම්  ගොත්, විඳින ලද සුව දුක් පැහැදිලි ලෙස දකිමින් අතීතය වසාලන මෝහාන්ධකාරය දුරු කරලීමට සමත් වූහ. අනතුරුව සත්වයින්ගේ උත්පත්තිය, පැවැත්ම හා මරණය ද සුගති හා දුගති සංඛ්‍යාත භවයද, කුසලාකුසල කම විභාගාදියද දකිමින්, දිබ්බචක්‍ඛු ඤාණ සහ චුතූපපාත ඤාණ උපදවාගත්හ. ඉන් අනතුරුව කෙළෙසුන් සිඳලීමේ සසර බැමි ලිහා දැමීමේ මඟ කරා සිත් යොමු කළෝ සතර මඟ, සතර ඵල පිළිවෙළින් සර්වඥාන සම්පත්ති ප්රතිලාභී වූහ. එය වනාහි යථා භූත දස්සන අවබෝධයයි. ඒ වනාහි,

චඛඛුං උදපාදි  (ඇස පහළවීමකි.)
ඤාණං උදපාදි (නැණ පහළවීමකි.)
පඤ්ඤා උපදාදි (ප‍්‍රඥාව පහළවීමකි.)
විජ්ජා උදපාදි  (විද්‍යාව පහළවීමකි.)
ආලොකො උදපාදි  (ආලෝකය පහළවීමකි.)

සම්මා සම්බුද්ධත්වයට ඇතුළත් අති විශිෂ්ඨ             අරහත් මාර්ග ඤාණය සමගම ‘චුද්දස බුද්ධ ඤාණ’ යද අන්තර්ගත වූ වටහාගත යුත්තකි.

1. දුක්‍ඛ ඤාණං
2. දුක්‍ඛ සමුදයේ ඤාණං
3. දුක්‍ඛ නිරෝධෝ ඤාණං
4. දුක්‍ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඤාණං
5. අත්ථ පටිසම්භිදෙ ඤාණං
6. ධම්ම පටිසම්භිදෙ ඤාණං
7. නිරුත්ති පටිසම්භිදෙ ඤාණං
8. පටිභාන පටිසම්භිදෙ ඤාණං
9. ඉන්‍ද්‍රීය පරොපරතත ඤාණං
10. ආසයානුසෙ ඤාණං
11. යමක පාටිහාරියෙ ඤාණං
12. මහා කරුණා සම්පත්තියා ඤාණං
13. සබ්බඤ්`ක්‍දුත ඤාණං
14. අනාවරණ ඤාණං
යනුවෙන් හැඳින්වෙන එම ඤාණ සම්පත්තිය සාධාරණ ඤාණ 8 කින් ද අසාධාරණ ඤාණ 8 කින් ද ප‍්‍රභේදගත වේ.

බුද්ධත්‍වය හා බැඳී පවත්නා මෙම ඥාණ විභාගයෙහි දී හරවත් බව අවබෝධ කරගත හැක්කේ ඉතා සියුම්ව හා විවාරක්‍ෂියෙන් යුතුව විමසා බැලීමෙනි. න්‍යාය, වෛශේෂික, සංඛ්‍ය, වේදාන්ත, යෝග, පූර්ව විමංසා, උත්තර වීමංසා, ෂඞ් දර්ශන, උපනිෂද්, ආදී ඉගැන්වීම් මගින් ඉදිරිපත් කෙරෙන ඉන්ද්‍රීය දර්ශනය සම්පරධාය පිළිබඳ අවබෝධයක් ඇති කර ගෙන තුළනාත්මකව විමසා බැලීමෙනි. භාරතීය දර්ශනය මගින් ඉදිරිපත් කළ අධ්‍යාත්ම සංවර්ධන ක්රියාවලිය හා විග්රහය අවබෝධ කොට ගත හැක්කේ විචාරශීලී, පරිපූර්ණ මනසක් අති ප්රතිපත්තිගරුක, සත්පුරුෂ සාධූන්ට පමණි.

බුද්ධරත්නය අසම සම ගුණ සමුදායෙන් උපසෝභිත ය. ඒ බුදු ගුණ සිත් සතන්හි රදවාගෙන නැවත නැවතත් සිහි කිරීම ‘‘බුද්ධානුස්මෘති’’ නම් වේ.‘‘අනුස්සති’’  නැවත නැවත උපදවන යහපත් සිහිය යන්නයි. ඒ වනාහි සිහිය පැවතිය යුතු තැනම නැවත නැවත පිහිටු වීමකි. බුදුරුවන කෙරෙහි සුදුසු ආකාරයකින් නැවත නැවත සිහිය පිහිටුවීමයි. බුදු ගුණය සපුරා දත හැක්කේ බුදුවරයින් වහන්සේටම පමණි.  එහෙත් මහ රහත් උතුමන්ද මාර්ගඵලාවතීර්ණ වූවෝ ද පෘථග්ජන එහෙත් නුවණැතියෝද තම තමන්ගේ  නැණ පමණින් බුදුගුණ හඳුනා ගනිති.  අනතුරුව නැවත නැවත මෙනෙහි කරති. එසේම බුද්ධ, ධම්ම, සංඝ සංඛ්‍යාත රත්නත්රය සරණ යති.

රාජභයාදී  විවිධ භයින් තැතිගත් බොහෝ මනුෂ්‍යයෝ එයින් මිදෙනු රිසිවද, පුත්ර ලාභ, වස්තු ලාභාදිය පතමින්ද පරිවත, වන, ආරාම, වෘක්‍ෂ, චෛත්‍යාදිය සරණ කොට සිටිති. එහෙත් එවන් සරණින් ඔවුහු ජාති ජරා මරණ ආදී දුක්‍ඛයන්ගෙන්ද සංසාර  දුක්‍ඛයන්ගෙන්ද  නොමිදෙති. යමෙක්  රත්නත්රය සරණ ගියේ වෙයිද ‘මට රත්නත්රය සරණ යයි’ දන්නේ වෙයිද  හෙතෙම (අන්පූර්ව ප‍්‍රතිපදාවෙන් යුතුව) පඤ්චස්ක්ධ සංඛ්‍යාත දුක්‍ඛ සත්‍යද, තෘෂ්ණා සංඛ්‍යාත දුක්‍ඛ සමුදය සත්‍යද, දුක ඉක්මවීමට කාරණවූ නිරෝධ සත්‍යද, ආර්ය අෂ්ඨාංගික මාර්ග නැමැති මාර්ග සත්‍යද විදශ නා ප‍්‍රඥා නැමැති ඇසින් මනා කොට දක්නේය.  බුද්ධ රත්නය සරණ යන්නාහු අවශේෂ ධම්ම හා සංඝ රත්නයද අනිවාර්ර්යයෙන් සරණ යා යුතුයි.

රත්නත‍්රය විෂයෙහි  සිත පැහැදීමෙන් හා රත්නත්රය ගරු කොට  සැලකීමෙන්  තුණුරුවන් මට පිහිටයැයි යන සිතිවිල්ලෙන් තුණුරුවන් සේවනය කරන්නේ හෝ සිතින් අදහා ගන්නේ ‘සරණගත’ නම් වේ.  ඒ වනාහි සරණාගමනයම වේ.

එකී සරණාගමනය :-
1.  ලෞකික සරණාගමනය – (බුද්ධාදී රත්නත්රය විෂයෙහි ශ‍ද්ධා ප්රතිලාභී විමයි)
2.  ලෝකෝත්තර සරණාගමනය – (නිවන් අරමුණු කොට කෘත්‍ය වශයෙන් රත්නත්රය විෂයෙහිම සමෘද්ධ වීමයි.)

සරණාගමනයෙහි ප්රධාන ප්රභේද හතරක් වේ. එනම් :
1.  ආත්මසන්නිර්යාතන- අද පටන් මාගේ ආත්මය තුණුරුවන්ට පුදමි  යැයි  ආත්ම පරිත්‍යාගයෙන් තුණුරුවන් සරණ යෑමයි.
2.  තත්පරායන්තා -අද පටන් තුණුරුවන් පිහිට කොට සිටිමියි තුණුරුවන්  සරණයෑමයි.
3.  ශිෂ්‍යභාවොපගමන – මම අද පටන් තුණුරුවන් අතවැසි වෙමි’යි ශිෂ්‍ය  භාවයට පැමිණ සරණ යෑමයි.
4.  ප්රණිපාත – අද පටන් තුණුරුවන්ට වැදුම් පිදුම් සත්කාර සම්මානාදිය
කරන්නෙමැ’යි ඉතා යටපත් භාවයෙන් සරණයෑමයි.

මෙම කවර ප්රභේදගත සරණ යෑමක් වුවද උභය ලෝකාර්ථ සංසිද්ධියෙහිලා මහෝපකාරී වේ.  එහෙයින් නුවණින් යුතු සත්පුරුෂයන් බුද්ධානුස්මෘති භාවනාදිය වඩමින්  බුදුගුණ සිහිකර බුදුසරණ ලබා ලොවී ලොව්තුරා සැපත් සිද්ධ කටයුතු.

මහාවිහාරවංශික ස්‍යාමොපාලී මහා නිකායේ
මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක
ආචාර්ය පූජ්‍ය නියංගොඩ
ධම්කීර්ති සංඝරක්‍ෂිත විජිතසිරි නාහිමිපාණන් විසිනි.

One comment on “බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම් අවබෝධයක්ද?

  1. රවී ද සිල්වා on said:

    බුද්දාගම 21 වැනි සියවසට කිසිසීත්ම ගැලපෙන ආගමක් නොවේ. බුදු දහම සහ බටහිර ක්‍රිස්තියානි විද්‍යාව, තාක්ෂනය සහ
    ඒ මත පදන්වුනු අපි වැළදගෙන සිටින බටහිර සංස්කෘතිය බුද්දාගමට සම්පුර්ණයෙන්ම පටහැනි. බුද්දාගම කියන්නේ
    ජීවත්වීම දුකයිලු. හැම දෙයක්ම දුකයිලු. සැප තියෙනවා හැබැයි ඒවා තාවකාලික නිසා දුකයි ලු. මේ වගේ ප්‍රතිගාමී
    ආගමකින් රටක් තියා පවුලක් වත් දියුණු කරන්ඩ බැහැ. මම අහගෙන අපේ ඔෆිස් එකේ බණට ආපු හාමුදුරුවෝ
    කියනවා කවුරු හරි තව කෙනෙකුට වැරද්දක් කරනවානම් අපි ඒවා ඉග්නෝ කරන්ඩ ඕනෙලු. ඒවාට පැටලෙන්ඩ හොඳ නැහැලු. අනිත් මිනිස්සු කරන දේවල් දැකල අපේ “සිත” වැරදි අකුසල සිතුවිලි (ඒ කියන්නේ තරහ, ද්වේශය වගේ)
    දාගෙන අකුසල් රැස් කරන්ඩ එපාලු. මම අහන්නේ, එහෙනං ඉතින් ප්‍රබාකරන් ගහනකොට අපිත් අහක බලන්
    ඉන්නඩනේ තියෙන්නේ? අපේ යාලුවෙක්ට හරි අම්මට හරි දරුවන්ට හරි කවුර්ත් මොනවා හරි කියනාවන්, ඒ කියන්නේ
    බනිනවනන්, නැත්නම් ගහන්ඩ යනවන අපිත් ඒ ගැන කිසිම දෙයක් කරන්නේ නැතුව ඔහේ ඉන්නඩ ඕනේ. මොන
    විකාරද මෙව්වා??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

16,566 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.