‘බෞද්ධයා ’ නාලිකාව සංවිධානය කළ ‘ දම්සක් මංගල්‍යය’ දළදා මාළිගාව අභියසදී

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා ඇස් ඉස් මස් ලේ අඹුදරුවන් හා මහා රාජ්‍යයද දන් දී තුන් ලොවට පිහිටවන්නට ලොව්තුරු බුදු බවට පත්ව තමන්වහන්සේ දැන අවබෝධ කරගත් උතුම් ධර්මය පළමුවෙන්ම ලෝකයට හෙළි පෙහෙළිකරමින් හරියට මීට වසර 2600 පෙර ඇසළ පුන් පොහෝදා බරණැස ඉසිපතනාරාම මිගදායේදී පස්වග තවුසන් පෙරමුණේ තබාගෙන දස දහසක් ලෝකධාතුව කම්පා කරමින් දස දහසක් සක්වල දෙවි බඹුන්ට දම්සක් පැවතුම් සූත්රය දේශනා කොට මෙම ඇසළ පෝය දිනට වසර 2600 ක් සපිරීම නිමිත කොට දිවයිනේ එකම හා ප්රථම බෞද්ධ රූපවාහිණිය වූ ‘බෞද්ධයා ’ නාලිකාව හා ගුවන්විදුලිය විසින් ‘ දම්සක් මංගල්‍යය’ මහනුවර ඓතිහාසික මහමළුවේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි. ‘බෞද්ධයා ’ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ සංවිධායකත්වයෙන් මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලා උභය විහාරයීය අනුනායක නාහිමිපානන් වහන්සේලා අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු 500 ක් මහ සගරුවන විසින් දළදා මාළිගාව අභියස පත්තිරිප්පුව ඉදිරියේ සකසා තිබූ ජීවිකාවේ සිට දම්සක් පැවතුම් සූත්රය ඇතුළු සූත්ර දේශනාවන් සච්ජ්ජායනය කරන ලදි. මේ සදහා අතිවිශාල බැතිමතුන් පිරිසක් රැස්ව සිටි අතර කොළඹ, බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව ඇතුළු බොදු සංවිධානද, දම්සර පදනම ඇතුළු මහනුවර බොදු සංවිධානය ද, දම්සර පදනම ඇතුළු මහනුවර බොදු සංවිධානද එක්ව සිටියහ. කොළඹ සම්බෝධි විහාරස්ථානයේ සිට රිය පෙරහැරකින් පැමිණි මග සගරුවන හා ගිහි පිරිස කැළණි රජමහා විහාරය මීරිගම ශාසන වර්ධන පිරිවෙන පිරිස්යාල සේනානායක මුදලින්දාරාමය ආදි සිද්ධස්ථානයන්හිදී ආගමික වතාවත් පවත්වා මහනුවර දළදා මාළිගාව අභියසට සම්ප්රාප්ත වූ අතර මහා සංඝරත්නය මල්වතු අස්ගිරි මහා විහාරයන් සිට දර්ශණීය පෙරහැරකින් මහමළුව වෙත කැදවා ගෙන එන ලදි. දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් මහා සගරුවන පිළිගෙන මහමළුවේ විශේෂ පීටිකාව වෙත කැදවාගෙන යන ලදි. මෙම මහා මංගල්‍යය පැවැත්වීමට දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමාගේ පූර්ණ අනුග්රහය ලැබී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

19,586 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.