අනුරපුර ශෛලමය හිදි පිළිම

අනුරපුර ශෛලමය හිදිපිළිම පිළිබද ලිපි 2 ක් පසුගිය වෙසක් හා පොසොන් කලාපයන්හි පළවිය. එම ලිපි දෙක මහමෙව්නා උයනේ සමාධි පිළිමය හා පන්කුලිය අශෝකාරාමයේ පිළිමය සම්බන්ධවයි.

මෙවර අභයගිරි ස්ථූප ප්රදේශයේ තිබෙන දෙවැනි බෝධිඝර පිළිමය අනුරාධපුර කෞතුගාරයේ තබා ඇති පුවරසංකුලම පිළිමය සහ මහා බෝධිය පරිශ්රයේ ඇති පිළිමය පිළිබද විස්ථර කෙරේ.දෙවැනි සමාධි පිළිමය යැයි වරදවා හදුන්වන  මෙම පිළිමය අභයගිරි චෛත්‍යයට නිරිත  දිගින් පිහිටා ඇත. මෑතකදී පවත්වන ලද පුරාවිද්‍යා කැණීම් වලදී මෙම පිළිමයද පිහිටා ඇත්තේ තවත් බෝධිඝරයක් තුල බැව් තහවුරු වී ඇත.

පිළිමයේ හිස රවුම්ය. නාසය හා මුහුණේ ස්ථාන කිහිපයක්  කාලයාගේ ඇවෑමෙන් අව්වට වැස්සට කඩතොළු වී ඇත. මෙම පිළිමයේද සිවුර සිරුරට ඇලී තිබෙන ස්වභාවය පෙන්වා ඇත. එහෙත්  සිවුරේ රැලි පෙන්වා තිබූ බව පිළිමය දෙස මනාව බලන්නෙකුට පෙනී යනු ඇත. සිවුරේ රැලි විනාශ නොවී ඉතිරි වී ඇත්තේ වම් බාහුවේ ඇතුලත පිළිමයේ පිටු පස පමණක්ය.

පිළිමයේ උෂ්නිශ පෙන්වා ඇත්තේ සුළු වශයෙන්ය. සමහරවිට උෂ්නිශ ක්ෂය වීමෙන් මේ තත්ත්වයට පත් වී තිබෙන්නට පිළිවණ. පිළිමය නිර්මාණය කිරීමෙන් පසුව සිරස් පතක් පිළිම හිස මත සවිකරන්නට ගත් උත්සාහයේ ප්රතිඵලයක් වන්නටද පුළුවන. පිළිම හිස නිර්මාණය කිරීමෙන් පසුව සිරස් පතක් සවි කිරීමට උත්සාහ කර ඇත. සිරස් පතක් සවි කිරීමට කැණීම් කරන ලද සිදුරක් උෂ්නිශ ප්රදේශයේ තිබිණ. එහි තුල ජලය එකතුවීමෙන් පිළිමයේ හිසට වන විනාශය වැලැක්වීම සදහා එම සිදුර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්රහය යටතේ සිමෙන්ති වැලි මිශ්රණයකින් පුරවා ඇත.

සිරිලක පිහිටා ඇති සෑම පුරාණ පිළිමයක්ම වැඩ සිටින්නේ වීරාසණ ක්රමයටය. (දකුණු කකුල වම් කකුල මත) මෙම පිළිමයේ ද එම ආසණ ක්රමය පෙනෙන්නට තිබේ.

පිළිමයේ අත් දෙකම විනාශ වී ඇත. දකුණු අත වැලමිටට උඩින් බිදී ඇති අතර වමත බිදී ඇත්තේ වැලමිටට පහළිනි.බිදුණු අත් දෙකේ කෑලි සොයා ගත් බවක් පෙනෙන්නට නොමැත. වර්තමානයේ අත් දෙකම විනාශ වී ඇති හෙයින් මුලින්ම මෙම පිළිමය  කිනම් මුද්රාවක් ප්රදර්ශනය කලාදැයි කීම අපහසුය. සමහර විට බුදුරදුන් ධර්ම දේශනා කරන විලාසය පෙන්වන්න කලාකරුවා උත්සාහ කලා විය හැක. පොසොන් කලාපයේ විස්තර කරන ලද පන්කුලිය ගමේ ඇති පිළිමයේ දිස්වන මුද්රාවට මෙම පිළිමයේ මුද්රාව සමාන බව පෙනේ.

අනුරාධපුර කෞතුකාගාරය තුල ප්රදර්ශනයට තබා ඇති පුවරසංකුලම පිළිමය

මෙම ශෛලමය පිළිමය විලච්චි ප්රදේශයේ පුවරසංකුලම ගමේ පිහිට පුරාවස්තු අතර තිබේ. අනුරාධපුර කෞතුකාගාරයට ගෙනඑන ලද්දකි.

මෙම පිළිමය පෙර විස්තර කරන ලද පිළිමයන් මෙන් බොහෝ දිරාපත් වී නැත. මුහුණේ ගෙවී ඇත්තේ කන්පෙතිය, විශේෂයෙන් මේ බව ප්රකටව පෙනෙන්නේ දකුණු අංශයේය. නාසයට කිසි හානියක් සිදු වී නොමැත. දකුණු අතේ මාපට ගිල්ල විනාශ වී ඇත. කලව ප්රදේශයේ පිපිරීම් කිහිපයක් පෙනෙන්නට ඇත.
මෙම පිළිමයද වීරාසණයෙන් (දකුණු කකුල වම් කකුල මත) නෙලා ඇත. දකුණු අත වම් අත උඩින් තබා ඇත. මෙලෙස ධ්‍යාණ මුද්රාව නිරූපණය කර ඇත.
පුරාණ සෑම පිළිමයකට දක්නට ලැබෙන එකාංශ සිවුර පෙරවීම මෙම පිළිමයේද  දක්නට ඇත. සිවුරේ උඩ කොටස පෙන්වා ඇත්තේ තනි ඉරකිනි.
සිවුර නිර්මාණය කර ඇත්තේ ඉතාමත් සිනිදු ලෙසටය. සිවුර ශරීරයට ඇලී ඇති බවත් පෙන්වීමට කලාකරුවා දැඩි උත්සාහයක් ගෙන ඇත. ඒ මගින් මුහුණින් පෙන්වනු ලබන ධ්‍යාණ ගතවීම කායිකවද ප්රදර්ශනය වෙයි.
පෙර දක්වන පරිදි ලම්භකර්ණ කන්පෙති විනාශ වී ඇත. නාසය සුප්රසිද්ධ සමාධි පිළිමය  යැයි හදුන්වන පිළිමයේ නාසය මෙන් කැඞී බිදී ගොස් නොමැත. (‘දම්සර වෙසක් කලාපයේ විස්තර කර ඇත.) උෂ්නිශ මණාලෙස පෙන්වා ඇත. එහි පිපිරීමක් දිස්වෙයි.  එම පිපිරීම හිසේ දකුණු අංශය තෙක් විහිදී ඇත. උෂ්නිශ මුදුන සමතලා බවක් පෙන්වයි. එහි මුදුනේ පිළීමය නිර්මාණය කිරීමෙන් පසුව සිරස් පතක් සවිකර තිබුණේදැයි සැක සහිතය. හිසේ පිපිරීම ඇති වී තිබෙන්නේ එම සිරස් පත සවිකිරීමට ගත් උත්සාහය හේතුවෙන් වන්නට පිළිවන.

පිළිමය වැඩ සිටින පීඨය තරමක් ඝණය. පෙර විස්තර කරන ලද පිළිමයන්හි පීඨයන් මෙතරම් ඝණත්වයක් නොමැත.

අනුරපුර පිහිටා ඇති ශෛලමය හිදි පිළිමය අතර මෙම පිළිමය ඉතාමත් කැපී පෙනෙන කලාත්මක නිර්මාණයකි.

පූජනීය ස්ථානයක මෙම පිළිමය පිහිටා නොමැති බැවින් බොහෝ ජනයාගේ කථා බහට මෙම පිළිමය මාතෘකාවක් නොවින.

බුද්ධ රූප ගැන විස්තරයක් සපයන ලිපි හා පොත් පත් වැලද මේ අනර්ඝ කලාත්මක හා ධ්‍යාණ ලක්ෂණය පෙන්වන පුවරසංකුලම පිළිම වහන්සේ ගැන සදහනක් නොමැත. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් ඉංගිරීසි බසින් රචිත ‘‘පුරාණ සිංහලයින්ගේ කලාවන් ’’ නමැති පොතේ මෙම පිළිමය ගැන සදහන් කර ඇත. ඞී.ටී. දේවේන්දර මහතා විසින් රචිත ‘‘බුද්ධ ප්රතිමා හා ලංකාව ’’ යන පොතේද චායාරූපයක් පමණක් ඇත.
සැ.යු – පීඨය – පිළිමය සමගම නෙලා ඇති ආසනය මෙන් ඇති කොටස, එය බොහෝවිට ඇතිරිල්ලක ස්වභාවය පෙන්වයි.

ජයශිරී මහ බෝධියට ප‍්‍රධාන දොරටුවෙන් ඇතුල් වන විට දකුණු පස වීදුරු ආවරණය කර ඇති කාමරයක තැන්පත් කර ඇති පිළිමය පුරාණ ශෛලමය පිළිමයකි. (බුද්ධ  ප්රතිමාව හා ලංකාව – ඞී.ටී දේවේන්දර – 1967 – පිටු 40 – 41

මෙම පිළිමය පුරාණ බවක් හෝ ශෛලමය බවක් විශ්වාස කිරීමට නොහැකි වන අන්දමටම අළුත් වැඩියා කර ඇත. පිළිමය දෙස බැලූ බැල්මට එම පිළිමය ඉතාමත් මෑතකදී සකස් කරන ලද්දක් බව හැගී යයි.

මුළු පිළිමයේම තීන්ත ආලේප කර ඇත.  මුහුණේ හා ශරීරයේම ලා දොඩම් පැහැය තවරා ඇත. සිවුර රතු පැහැය ගන්වා ඇත. උෂ්නිශ මුදුනේ ඇගිලි පහකින් යුත් සිරස් පතක් සවි කර ඇත. එම සිරස්  පත තද  කහ පැහැයකින් යුක්තය.  උෂ්නිශ තරමක් ප්රකටව නිම කර ඇත. හිසට පිටු පසින් වෘතාකාර සමතලා චක්රයක් සවිකර ඇත. එම වෘතාකාර චක්රය මිශ්ර කහ පාට ගන්වා ඇත. ඊටත් පිටු පසින් බිත්තියේ ෂඞ්වර්ණ චක‍්‍රයක් සිතුවම් කර ඇත. සිවුර පොරොවා ඇත්තේ සිරිත් පරිදි ඒකාංශ ලෙසටය. එය පෙන්වා ඇත්තේ සරල රේඛා දෙකකිනි. සිවුරේ රැලි කිසිවක් පෙන්වා නොමැත.  පිළිමය වැඩ සිටින පීඨය ඉතා තුනී බවක් පෙනී යයි. පිළිමය දැනට තැන්පත් කර ඇති ආසනයට පීඨයේ කොටසක් ඇතුල් කිරීමෙන්  මෙසේ දිස් වන්නටද හැකිය.
වර්ෂ 1895 දී ගන්නා ලද චායාරූපය මෙම පිළිමය බවට සැකයක් නැත.[Buddhist Sculptures of Sri Lanka - Ulrick von Schroeder 1990 msgq 23 ] 1990 පිටු 23 % පිළිමය චායාරූපය ගත කරන විට උකුල තෙක් පස් වලින් වැසී තිබී ඇත. වම් බාහුව උරහිසෙන් වෙන් වී තිබිණ. වර්තමානයේ හිසට පිටු පසින් දිස්වන සමතලා කහ වර්ණ චක්රය වසර 200 කට පමණ පෙර ගන්නා ලද මෙම චායාරූපයේ නොමැත. සිරස් පතක් හිස මත සවිකර තිබූ බවට ඉගියක් නොමැත.
මෙම පිළිමය පෙර සදහන් කර අන්දමට මෙතරම්ම අළුත් වැඩියා කිරීමකට භාජනය නොවුනා  නම් ඉතාමත් අගේය.

වෛද්‍ය එච්.එස්.ආර්. විජේමාන්න
කායික වෛද්‍ය විශේෂඥ
මහනුවර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,480 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.