මහනුවර ඇසළ පෙරහැර

මහනුවර ඇසළ පෙරහැර දළදා පෙරහැර ලෙස ප‍්‍රකටය. එම පෙරහැර දළදා වහන්සේට පූජෝපහාර පිණිස පවත්වනු ලබන පුණ්‍යෙත්සවයකි. කලිගුරට සිට දළදා වහන්සේ දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් ලංකාවට ගෙනඑනු ලැබීය. මෙරට නරපති තෙමේ මහත් ගෞරවයෙන් පිළිගත් දළදා වහන්සේ එදා පටන් මෙදා දක්වා රට කරවනු ලැබූ නරපතියන්ගේ ආරක්ෂාවට ගෞරවයට පාත්රවෙමින් පැවතිනි.

අගනුවර වෙනස් වන විට දළදා වහන්සේ අගනුවරින් අගනුවරට වැඩමවා රාජමන්දිරය අසලින් දළදා මැදුරක් කරවා එහි තැන්පත් කොට සුරක්ෂිතව ආරක්ෂා කරවමින් වැඩ සිටීමට සැලැස්වූ බව දළදා ඉතිහාසයේ විස්තර කෙරේ. සිංහලේ අවසන් අග නුවර වූ සෙන්කඩගල පුරය අග නුවර කොටගත් පළමුවෙනි විමලධර්මසුරිය රජු විසින් දෙල්ගමු වෙහෙරේ සගවා තබා තිබූ දළදා වහන්සේ සෙන්කඩගල පුරවරයට වැඩමවා සිය මාලිගා පරිශ්රයේ දළදා මැදුරක් සාදවා මහ වෙහෙර වැසි භික්ෂූන් වහන්සේට එහි පුද පූජා කටයුතු පවරා ඇත. එදා සිට මෙදා දක්වා දළදා වහන්සේ ආරක්ෂා කොට නිසි තේවාවන් පැවැත්වීමට අවශ්‍ය විධි විධාන රාජ නියමයෙන් සිදු වී ඇත. පෙර සිරිත් එයාකාරයෙන්ම පැවැත්වීමට අවශ්‍ය අනපනත් පනවා කෙත්වතු පුදා බුද්ධ ගෞරවය රැකෙන පරිදි සියලූ කටයුතු සකසා ඇත. ඒ සදහා පැවති සම්ප්රදායට අනුකූලව රාජකාරිමය නියමයන් කරවීමට අවශ්‍ය සියලූ කාර්ය සංසිද්ධිය සකස් කොට පවත්වා ගෙන එන්නේය. එසේ සකස්ව පැවති සිරිත් විරිත් සම්පරදායන් මහත් වූ ගරු ගම්භීරව දෙවෙහෙර මහානායක මාහිමියන් වහන්සේලා භාරයේ සියලූම බුද්ධෝපස්තාන සිංහල රාජ්‍ය සමයේ පැවති ආකාරයටම පැවැත්වීමට අවශ්‍ය ශාසනික චාරිත්ර සම්පරදාය හා යා කොට තිබුණි.දළදා වහන්සේට සිදු කරනු ලබන තේවාව මහත් ඓශ්චර්යමත්ය. අදහා ගත නොහැකි පූජෝපහාරයකි. පවතින සිරිත් විරිත් සම්පරදාය ජීවමාන බුදුහිමියන් වැඩසිටිනා මෙන් සම්පරයුක්ත සිරිත් විරිත් හා ඇවතුම් පැවතුම් සංකලනයෙන් පූජෝපහාරයට පත් කරන ආකාරය සැදැහැයෙන් මුසපත්වන තරම්ය. ගරු ගාම්භීරය. ශද්ධා මහිමය උතුරා යන අයුරින් සිදු කරනු ලැබේ. එය, බුදු දහම නොදන්නා බෞද්ධ නොවන අයෙක් තුළද මහත් බැතියක් ගෞරවයක් සිදුවන තරමේ අපූර්ව දසුනක් වන්නේය. ඒ පිළිබද විදේශිකයන් ද විශ්මිතව බලාසිටිනු පෙනේ.දළදා වහන්සේ මෙතරම් පූජනීය වස්තුවක් ලෙස සලකා ඇත්තේ බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ සද්ධර්මය ස්පර්ශව පවතින මහාර්ග පූජ්‍ය වස්තුව දළදා වහන්සේ වීම විය හැකිය. ආගම් ශාස්තෘවරයන් ලෙස ප්රකට උතුමන්ගේ සජීව ජීවන රටාව ප්රත්‍යක්ෂ ලෝකය තුළ පවතින්නේ කීප දෙනෙක් පිළිබදව පමණී. අන් ආගමික ශාස්තෘවරු කල්පිත දේව විශ්වාසයන් තුළ දෙවිවරු ලෙස දක්වා ඇත. බුදුන් වහන්සේ ජීවමාන ඓතිහාසික චරිතයක් වීමත් ඒ ජීවිතයේ පැවැත්ම පිළිබද ප්රවාද ඓතිහාසික වීමත් එසේම උන් වහන්සේ දේශනා කළ ධර්මය සජීවි ධර්මයක් ලෙස පැවතීමත් යන සාධකයන් නිසා ඒ ජීවමාන ශාස්තෘවයාණන් වහන්සේගේ මුඛයේ පිහිටි සම සතලිස් දන්ත ධාතූන් අතර වාම දන්ත ධාතුන් වහන්සේ දළදා වහන්සේ යයි හදුන්වා තිබීම අතිමහත් සම්මානයට ගෞරවයට හා භක්තියට හේතුවන්නක් වී ඇත. දළදා වහන්සේගේ ඓතිහාසික වෘතාන්තය අඛණ්ඩව පැවතීමත් මෙහිලා වැදගත් වේ. ලංකාවේ ඇතැම් රජුන් දළදා වහන්සේ සිය රාජ්‍යයෙන් පවා පිදුහ. එය රාජ්‍ය සංකේතය විය. රජුන් සිටි සමයේ රාජ්‍යයේ හිමිකම තහවුරු කිරීමේ සංකේතය වූයේ ද දළදා වහන්සේ ය. ජාතික සංකේතය මෙන්ම රාජ්‍ය සංකේතයද දළදා වහන්සේ විය. මේ නිසා සතුරු ආක්රමණයකදී දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම රජුගේ ප්රධාන කාර්ය විය. මේනිසා ලංකා පාලකයා දිවි දෙවනි කොට දළදා වහන්සේ ආරක්ෂා කර ගත්තේය . ඒත් සමග දළදා වහන්සේ මුල් කොට පුද පූජා විධි සම්පරදායක් ද ඒ සම්පරදායන්ට අයත් චාරිත්ර විධි රාශියක් ද ඇති විය. ජීවමාන බුදුන් වහන්සේ ඉදිරිපිට පවතින ආකාරයට අදත් එම සිරිත් විරිත් පවත්වනු ලැබේ. උභය මහා විහාරයේ මහා විහාර සිරිත් විරිත් සම්පරදායන් හා උපසම්පදා විනය කර්මයෝද දළදා මාළිගාවේ දළදා වහන්සේගේ පුද පූජා සම්පරදාය හා බද්ධව පවතී. මේ මහා සම්පරදාය මෙතෙක් නොඅඩුව නොවළහා පවත්වාගෙන ඒමට අනල්ප වෙහෙසකර මහා කාර්යයක් කළ යුතු වීම වැළැක්විය නොහැකිය. එමෙන්ම දළදා වහන්සේ වෙත කෙරෙන පූජාවක් වශයෙන්ද රටවැසියාට සෙත්පතා කළට වැසි ලැබී අටු කොටු පිරී ඉතිරී සමෘද්ධිමත් කාලයක් උදාවීමේ අපේක්ෂාවෙන් ඇසළ පෙරහැර පැවැත්වීමද ඉමහත් චාරිත‍්‍ර වාරිත්ර විධි වලින් සමන්විත මහා මංගල්‍යයකි. එනිසා එම සම්පරදායයන් කඩනොකර පවත්වාගෙන යාම ඒ පිළිබද කටයුතු කිරීමට බලයලත් අයගේ වගකීම බව සිහිපත් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

15,769 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.