සම්බුද්ධත්ව ජයන්තිය සමරා බර්ලින් නුවර පිරිත් දේශනා කරති.

2600 වැනි සම්බුද්ධත්ව බුද්ධ ජයන්තිය සැමරීමේ වසරක වැඩ පිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකාවට හා රට වැසියනට ආශිර්වාද පතා ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ලංකා තානාපති කාර්‍යාලයේදී පසුගිය 10 වැනි දින සර්ව රාත්රික පරිත්රාණ ධර්ම දේශනාවක් පවත්වා ඊට පසු දින සංඝගත දක්‍ෂිනාවක් පැවැත්විණි.ජර්මනියේ ලංකා තානාපති ටී. බී. මඩුවේගෙදර මහතා සහ නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම පිංකම සංවිධානය කොට තිබුණි.
බර්ලින් නුවර සම්බෝධි විහාරාධිපති ශාස්තරපති පුජ්‍ය ගරු රඹුක්වැල්ලේ දේවානන්ද හිමිපාණන්වහන්සේගේ අනුසාශාසනා සහ අධීක්‍ෂණය යටතේ සහ බර්ලින් විහාරවාසී ශාස්තරපති පුජ්‍ය ගරු කෝන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමිපාණන්වහන්සේගේ සම්බන්‍ධීකරණය මත සිදුකෙරුණු මෙම පිංකමට ලංකාවේ සිට ගම්පහ නයිවල පුර්වාරාමාධිපති හා බෙම්මුල්ල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති අළුත්කූරු කෝරළයේ ප්රධාන උප සංඝනායක ශාස්තරවේදී පණ්ඩිත පුජ්‍ය ගරු රත්මලේ සෝමරතන නායක ස්වාමීන් වහන්සේ, ඔස්ටේලියාවේ ඤණපෝනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය පුජ්‍ය ගරු විජයපුර සීලවංශ නාහිමි, ස්විට්සර්ලන්තයේ සුරිච්, ජිනීවා හා බොන් බෞද්ධ විහාරස්ථානවල අනුශාසක ජර්මනියේ ප‍්‍රධාන සංඝ නායක ආචාර්ය පුජ්‍ය ගරු වල්පොල කළ්‍යනතිස්ස නාහිමි ඇතුළු ෆ‍්‍රැරැන්ක්ෆට් බුද්ධ විහාරයේ ශාස්තරපති රත්මලේ පුඤ්ඤරතන හිමි, මියුනිච් නුවර  විලව්චියේ ධම්මවිජය හිමි, කණ්න්නිමහර පියසිරිහිමි, ස්විට්සර්ලන්තයේ සෙන්ට්ගලන් නගරයේ ලංකාරාමාධිපති  ලේඬියන්ගල සුදස්සිහිමි, ජීනීවා බෞද්ධ විහාරාධිපති හල්යාලේ විමලරතන හිමි, හැම්බර්ග් බෞද්ධ විහාරවාසී  තල්පාවිල කූසලඤණ හිමි, සහ දෙල්ගොඩ කළ්‍යාණප්රදීප පිරිවෙන් විද්‍යාතනයේ නියෝජ්‍ය පරිවේනාධිපති  සීගිරියේ රතනපාල හිමි යන හිමිවරු මෙම පුණ්‍ය කර්මය සඳහා වැඩම කළහ.
පරිත්රාණ ධර්ම දේශනාව වෙනුවෙන් ඉතාමත් චමත්කාර මණ්ඩපයක් බර්ලින් නුවර නිහාල් සහ ශීරීමා සේනාධීර යුවල විසින් ඉදි කරන ලදි. මෙම පිරිත් පිංකමට ලාංකික හා ජර්මන් ජාතික විශාල පිරිසක් සහභාගීවුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

15,766 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.