රජරට පානීය ජලයෙහි ආසනික් සොයා ගැනීමට නාථ දෙවි පිහිට ලැබුණා

පසුගිය දිනවල ‘‘ආසනික්’’ රටපුරා ආන්දෝලනයක් ඇති කළ මාතෘකාවක් විය. ඒ දේශීය හා බහු ජාතික සමාගම් කිහිපයක් විසින් මෙරටට ආනයනය කළ පලිබෝධනාශක බහාලූම් කිහිපයක්ම රේගු නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට ලක්වීමෙන් පසුය. පරීක්ෂණ වලදී සොයා ගත්තේ මෙම  පලිබෝධනාශකවල ආසනික් අඩංගු බවය. මේ ‘‘ ආසනික්’’ විෂ නිසා වකුගඩු රෝගාබාධයන්ට ගොදුරුවීමෙන් රජරට ප්රදේශයේ ගොවීන් මිය යන බවත් මෙසේ මිය යන සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතින බවත් නවතම සොයා ගැනීමයි.

මේ සොයා ගැනීමේ පර්යේෂණයන්හි යෙදුණ එහි නියමුවා වන කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා සමග පැවැත් වූ සම්මුඛ සාකච්චාවක්
‘ දිවයින’  ඉරිදා සංගරහයේ අන්තර්ජාල පිටුවේ (Online Edition) විශේෂාංග ලිපියක් ලෙස පළකර  තිබුණි. මහාචාර්ය නලින්ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම තම පර්යේෂණයන්හි ප්රතිඵල රටට හෙළි කරන විට ලංකාවේ ප්රකට රසායන විද්‍යාඥයින් කණ්ඩායමක් මහාචාර්ය නලින්ද සිල්වා මහතා ප්රධාන කණ්ඩායමේ නිගමනයන් අභියෝගයට ලක් කර තිබෙනවා. එම සම්මුඛ සාකච්චාවේ දී  මාහාචාර්ය නලින්ද සිල්වා මහතා සදහන් කර ඇති විශේෂිත කරුණක් පිළිබද ‘ දම්සර ’ පාඨකයන් සැලකිලිමත් වන බව අප දනිමු. එය පහත උපුටා දක්වා ඇත.

‘‘ රජරට වකුගඩු රෝගය පිළිබද මම මගේ මිතුරන් සමග අවුරුදු කිහිපයක්ම සාකච්චා කළා. රජරට විශ්ව විද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්කෙනෙක්. කොටි තර්ජන තිබුණ ඒ කාලේ අපි මුලින්ම  හිතුවෙ මේක කොටින්ගේ වැඩක් කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජන තිබුණු ගම්මාන වල නිසා. පසුව මම මගේ මිත්රයා කලින් සදහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්රදේශයේ ජලයේ සහ පස්වල ආසනික් ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්රකාශ කළේ ඇය.

ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්. ඒ වගේම අපේ කණ්ඩායමේ  කිහිපදෙනෙක්  ඉන්නව භාවනාව දියුණු කරපු අය.  භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්රව්‍යයක් දෙස බලා  එහි අඩංගුව ඇති දේවල් ඔවුන්ට හදුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක් නෙමෙයි. රජරට ජලයේ සහ පස්වල  ආසනික් තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා. භාවනාව දියුණු කළ අපේ කණ්ඩායමේ කිහිපදෙනෙකුත් එය තහවුරු කළා. නමුත් අපි මෙය කාටවත් කිව්වේ නැහැ. අපි සම්මත රසායන විද්‍යාවට අනුව ඒ ගැන සොයා බැලූවා. නමුත් ඒ පරීක්ෂණ වලදී අපට ආසනික්  තිබෙන බවට කිසිදු හෝඩුවාවක් ලැබුණේ නෑ. අපේ කණ්ඩායම නැවතත් භාවනාව තුළින් මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කළා. එහිදී ඒ අයට පෙනුණා ආසනික් සොයන්නට භාවිත කරන ක්රමය වැරදි බව. පළමු ක්රමය මදක් සංශෝධනය කර ක්රියාත්මක කළ දෙවැනි ක්රමයේ දී රජරට ජලයේ සහ පස් වල ආසනික් ඇති බව පෙනුණා. අමුතු දෙයක්  කළේ නෑ.  ඒ ඇසිඞ්මයි ඒ භෂ්මමයි. නමුත් එකතු කළ ප්රමාණවල වෙනසක් සිදු කළා. මේක අපේ ක්රමයක්.  භාවනාවෙන් සිත දියුණු කර සොයා ගත යුතු ක්රමයක්. ’’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

17,531 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.