ලේකම්තුමනි, කතෝලිකයින්ගේ “පොල් අතු මඩු” ඉල්ලීමට රැවටෙන්න එපා!

“කතෝලිකයින්ගේ “පොල් අතු මඩු” සම්බන්ධව අපට ‍නිවැරදි අවබෝධයක් ඇත. මීට වසර කීපයකට පෙර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ “වාහල්කඩ” නැමැති ගමේ මිරිදිය මසුන් කර්මාන්තයේ යෙදීමට යැයි පවසමින් එක්තරා කතෝලික ඇමතිවරයෙකු විසින් කතෝලික පවුල් 5 ක් එහි පදිංචි කරවීය. පසුව ඔවුන්ගේ ආගමික කටයුතු සදහා තාවකාලික “පොල් අතු සෙවිලිකල මඩුවක්” තනා ගැනීමට ප්‍රදේශීය ලේකම්ගෙන් අවසර ලබා ගත් මෙම ඇමතිවරයා තාවකාලික පොල් අතු මඩුව වෙනුවට කලුගලින් බැදුනු පාදමක් සහිත කොන්ක්‍රීට් කනු යොදා තැනුනු ස්ථිර ගොඩනැගිල්ලක් සාදා එහි වහලයට “පොල් අතු” සෙවිලි කලේය.”

පසුගිය මැයි මස 3 වන දින කූරගල මුස්ලිම් ආක්‍රමණිකයා හා පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා අතර කෙරුනු ගනුදෙනුව “ මුස්ලිම් ආක්‍රමණිකයාගෙන් කූරගල ‍‍බේරා ගනිමු” යන හිසින් යුතුව මැයි 2 වනදා පලකල කතුවැකිය මගින් ‍අපි ඔබට හෙළිකලෙමු. කූරගල සම්බන්ධයෙන් අධිකරන තීන්දුවක් ලබාදී තිබියදීත් ඒ මත පිහිටා ක්‍රියානොකර ආක්‍රමණිකයා හා කෙරුනු ගනුදෙනුව අපි එමගින් විවේචනය කලෙමු.

මේ තවත් එවැනිම හෙළිදරව්වකි. බෞද්ධයින් අති බහුතරයක් වෙසෙන කතෝලික පවුල් 3ක් පමණක් පදිංචිව සිටින පන්නල හෙන්ඩියගම කතෝලික පල්ලියක් ඉදිකිරීම අනුමත කලනොහැකි බව පන්නල ප්‍රදේශිය ලේකම්තුමියගේ සහ පන්නල ප්‍රදේශිය සභාවේ සභාපතිතුමාගේ නිරීක්ෂනයන්ට යටත්ව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම්වරයාගේ විසින් එකී ඉල්ලුම්කාර පාර්ශවය වන හැරල්ඩ් ඇන්තනි පෙර්රා රාජගුරු ප්‍රසාදීන් පූජකතුමාට ලිඛිතව දන්වා යැව්වේ පසුගිය ජූනි 14වනදාය. එසේ තිබියදීත් ඒ සම්බන්ධයෙන් සාකච්චාවක් අද බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා විසින් කැදවා ඇත.

එමනිසා, පහත සදහන් දෑ කෙරෙහි ලේකම්තුමා ගේ කාරුණික අවධානය යොමු වනු ඇතැයි අපි විශ්වාස කරමු.

හෙන්ඩියගලට කි.මී 2ක් දුරින් නාලවලානේද ඊට අමතරව ගුරුගේ වෙන්දේසි වත්තේද කතොලික පල්ලි 2ක් මේවනවිටත් ඇත.

මේ අතර 1962 දී රජයට පවරාගන්නා ලද දැනට 75% ක් පමණ බෞද්ධ සිසුන් ඉගෙනුම ලබන ගිරි/දාරලුව කනිටු විදුහලේ එම සිසුන්ගේ ආගමික කටයුතු සදහා පසුගිය වෙසක් සමයේ බුද්ධ ප්‍රතිමාවක් නිරාවරණය කිරීමට ගත් උත්සාහය වලක්වාලූ ක‍තෝලික පල්ලිය, හෙන්ඩියගල වෙසෙන කතෝලික පවුල් 3ක් සදහා පමණක් පල්ලියක්  ඉදිකිරීමට උත්සාහ කරන්නේ ඇයිද යන්න උභතෝකෝටික පැණයකි. දාරලුවේදී අමතක වූ “ආගමික සහජීවනය” හෙන්ඩියගලදී ක්‍රියාත්මක කරවාගැනීමට වලිකන්නේ ඇයි?

ඊයේ පළවුනු “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පත මගින් ඊනියා ආගමික සහජීවනය සහ සුලුතරයින්ගේ ආගමික නිදහස සම්බන්ධයෙන් කණස්සල්ල පළකල තිබුනද කතෝලික පල්ලිය විසින් කුප්‍රකට “කුරුස යුද්ධය” හරහා අන්‍යලබ්ධිකයින්ගේ ආගමික නිදහස උදුරාගත් අයුරු අප පමණක් නොව මුලු ලොවම දන්නා කරුණකි. මේ සම්බන්ධව අපගේ වෙබ් පිටුවේ 2010.11.30 දින ඉංග්‍රීසි බසින් පලකල ලිපිය “ Red capped Cardinal & history of Catholic Church” නැවත වරක් කියවීම‍ට ඔබට අවස්ථාව ඇත.

සිංහල බෞද්ධයින් බහුතරයක් වෙසෙන අප රටේ 1980 මැද භාගයේදී කොටින් යාපනයෙන් එළවා දැමුනු සිංහලයින් එහි නැවත පදිංචි කරවීමට එරෙහිව උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කමිටුව ඉදිරියේ සාක්ෂිදුන් මැල්කම් රංජිත් කාදිනල්වරයාට දැන් කිඹුල් කදුලු හෙලන “සහජීවනය” එදා අමතක වූයේ කෙසේද යන්න අපි ප්‍රශ්ණ කරමු.

හෙන්ඩියගලදී, මුලින් පොල් අතු මඩවක් අටවාගෙන ඒ තුල යාඥාකරමින් සිට පසුව එය හොර රහසේම ගිනි තබා විනාශකර එහි වරදද අවට වෙසෙන බෞද්ධයින් මත පටවා පසුගිය සම්බුද්ධත්ව ජයන්ති සමයේදී ආගමික සංහිදියාව බිද දැමීමට කතෝලික පල්ලිය ගත් උත්සාහය අපි “Plotting Religious clashes during Sambuddathva Jayanthi” මගින් කදිමට නිරාවරණය කෙලෙමු.

කතෝලිකයින්ගේ “පොල් අතු මඩු” සම්බන්ධව අපට ‍නිවැරදි අවබෝධයක් ඇත. මීට වසර කීපයකට පෙර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ “වාහල්කඩ” නැමැති ගමේ මිරිදිය මසුන් කර්මාන්තයේ යෙදීමට යැයි පවසමින් එක්තරා කතෝලික ඇමතිවරයෙකු විසින් කතෝලික පවුල් 5 ක් එහි පදිංචි කරවීය. පසුව ඔවුන්ගේ ආගමික කටයුතු සදහා තාවකාලික “පොල් අතු සෙවිලිකල මඩුවක්” තනා ගැනීමට ප්‍රදේශීය ලේකම්ගෙන් අවසර ලබා ගත් මෙම ඇමතිවරයා තාවකාලික පොල් අතු මඩුව වෙනුවට කලුගලින් බැදුනු පාදමක් සහිත කොන්ක්‍රීට් කනු යොදා තැනුනු ස්ථිර ගොඩනැගිල්ලක් සාදා එහි වහලයට “පොල් අතු” සෙවිලි කලේය.

අනතුරුව ප්‍රදේශීය ලේකම්වරයා මීට එරෙහිව අධිකරණයේ පිහිට පැතූ අතර එහිදී එම ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් ලෙස සලකා කඩා ඉවත් කලයුතු බව නියෝග කලද එම නියෝගය තවමත් ක්‍රියාත්මක වී නැත.

ගරු ලේකම්තුමනි, අද පවත්වන සාකච්චාවේදීද හෙන්ඩියගලට අවම වශයෙන් යාඥා කිරීමට “පොල් අතු මඩුවක්” හෝ තනාගැනීමට අවසර ඉල්ලා සිටීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත. මේ දැනුවත් කිරීම ඔබට කෙරෙනුයේ වාහල්කඩ ප්‍රා. ලේකම්වරයා රෑ වැටුනු වලේ ඔබ දහවල් වැටෙනු වැලැක්වීම සදහායි.

තවත් එක් කරුණක් සදහන් කල යුතුව ඇත. එදා කූරගල රැස්වීමට මුස්ලිම් පාර්ශවය නියෝජනය කිරීමට අග්‍රාන්ඩුකාරවරයෙක් සහ මංත්‍රීවරයෙකු සිටියහ. බෞද්ධ පාර්ශවය එහිදී නියොජන‍ය කලේ බෞද්ධ භික්ෂූන්වහන්සෙලා කීපනමක් , බෞද්ධ සංවිධාන නියෝජිතයින් සහ ගිහියන් කීපදෙනෙකි. අවම වශයෙන් ශ්‍රී ලංකාව ධර්ම රාජ්‍යයක් කිරීමට සපථකල පක්ෂයේ හෝ නියොජනයක් එහිදී නොවීය.

මේ රටේ බෞද්ධයින්ට පොරොන්දුවූ පරිදි “අන්‍ය ආගම්කරණ පනත” මේ දක්වා මිහිපිට යථාර්ථයක් කිරීමට නොහැකිවූවාට කම්නැත. අවම වශයෙන් මෙම සිද්ධියට ඉදිරිපත්වන බෞද්ධ පාර්ශවයට ශක්තියක් ලබා දෙන ලෙස අපි ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමු.

sinhale hot news Editorial

One comment on “ලේකම්තුමනි, කතෝලිකයින්ගේ “පොල් අතු මඩු” ඉල්ලීමට රැවටෙන්න එපා!

  1. National Buddhist Auhtority on said:

    Please Visit Our Videos
    http://www.youtube.com/user/balawegaya#p/u/13/-v2r8TZdtqw

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

12,358 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.