බෞද්ධ සංවිධාන 54ක් එක්ව සම්බුද්ධත්ව බුද්ධජයන්ත බර්ලින් නුවර සමරයි

ජර්මනියේ බර්ලින් නුවර සම්බුද්ධව බුද්ධ ජයන්තිය මහා උළෙල බර්ලින් නුවර සහ බ‍්‍රැන්ඩන්බර්ග් ප‍්‍රන්තයේ වෙහෙර විහාරස්ථාන, බෞද්ධ මධ්‍යස්ථාන හා බෞද්ධ සංවිධාන 54 ක් එකට එක්වී පසුගිය මැයි 8 වැනි ඉරුදින දවස පුරාම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
පෙරවරු 10.00 ට අරම්භ වුන මෙම උළෙල ශ්‍රී ලංකාවේදී පැවිදි බිමට ඇතුළත්ව පසුව ජර්මනිය පුරා ථෙරවාදී බෞද්ධ වෙහෙර විහාර රාශියක් ඉදි කළ යුදෙව් ජාතික භික්‍ෂුණීන්වහනසේ කෙනෙකු වු අය්්‍යා ඛේමා විසින් බර්ලින් නුවර ඉදි කරන ලද විශාල විහාරස්ථානයක් වන ඛදඑමි ඪසය්ර් හෙවත් නෙළුම් විහාරයේදී පැවැත්විණි.
මෙම වෙසක් උළෙලට විශේෂ ආරාධිත අමුත්තා හැටියට පැමිණි ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්්‍යාලය නියෝජනය කරමින් එම කාර්්‍යාලයේ දෙවන ලේකම් ද්‍රවිඩ ජාතික රනසිංහම් කොහුලරංගන් මහතා විසින් බු¥දහම පිළිබඳව ප‍්‍රධාන දේශනය සි¥කිරීම මෙම වෙසක් උළෙලේ විශේෂත්වයක් විය.
ජර්මන් ජාතික වෛද්‍ය ආචාර්්‍ය විල්ෆිඞ් රොයිටර් මහතා විසින් ”බු¥දහමේ පාරිසුද්ධත්වය”යන මැයෙන් ද බර්ලින් සම්බෝධි විහාරාධිපති හා දොරනෑගොඩ සදානන්ද පිරිවෙන් රජමහා විහාරාධිපති ශාස්ත‍්‍රපති පුජ්‍ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමි විසින් ”බු¥න් වදාළ භාවනා ක‍්‍රම” යන මැයෙන් දේශනයක් පැවැත් වු අතර උන්වහන්සේ විසින් මෙදින විපස්සනා භාවනා ක‍්‍රම යන මැයෙන් දේශනයක් පැවැත් වු අතර උන්වහන්සේ විසින් මෙදින විපස්සනා භාවනා වැඩසටහනක් ද මෙහෙයවන ලදි. මීට අමතරව තවත් විවිධ සම්ප‍්‍රදායනට අනුව බු¥දහම පිළිබඳව දේශනා පැවැත්වු අතර ශ්‍රී ලාංකික, ඔස්ටි‍්‍රයන් චීන, කොරියන්, තායිවාන්, ටිබෙට් භික්‍ෂුණීන්වහන්සේලා ඇතුළු අති විශාල ජර්මන් පිරිසක් සහභාගී වුහ.
බර්ලින් නුවර ලංකා හෙල්ප් සංවිධානය බ‍්‍රැන්ඩන්බර්ග් ප‍්‍රන්තයේ වෙහෙර විහාරස්ථාන, බෞද්ධ මධ්‍යස්ථාන හා බෞද්ධ සංවිධාන 54 ක් එකට එක්වී සම්බුද්ධව බුද්ධ ජයන්තිය සැමරීමේ සංවිධාන කටයුතු වලට අනුග‍්‍රහය දැක්විය.

ලලිත් ගන්හේව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,468 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.