ඉතාලියේදී ජනපතිට බුදුන් වඳින්නට වැසිකිලියට යන්න වුණ කතාව – Religious Worship in The Toilet

ජනපති මහින්ද රාජපක්ෂ පසුගියදා ඉතාලියේ සංචාරයක නිරතවූ අවස්ථාවේ ඉතාලි තානාපති කාර්යාලයේදී සිද්ධවූ ඇබැද්දියක් ගැන වාර්ත වුණා.
ඒ බුදුන් වඳින්නට උවමනාවී වැසිකිලියට ගිය කතාවකි.
උදෑසනින්ම තානාපති කාර්යාලේ නිලධාරීන් හමුවන්නට පැමිණි ජනපතිවරයාට තමන් සුපුරුදු පරිදි නිවසේදී සිදු කරන ආගමික වතාවත් කරන්නට උවමනා වූයේලූ.මේ නිසා ජනපතිවරයා තානාපතිවරයාගෙන් එක් වරම අසා ඇත්තේ ‘මට උදේට බුදුන් වඳින්න  ඕන. කරුණාකරල බුදු පිළිමෙ තියන තැන පෙන්වනවද?’ ලෙසිනි.

මේ අවස්ථාවේදී ජනපතිවරයාගේ ඉල්ලීම අසා සිටි තානාපති ඇතුලූ නිලධාරීන්ගේ මුහුණු එක්වරම වෙනස් වූයේලූ. එයට හේතුවී ඇත්තේ ඉතාලියේ රෝම තානාපති කාර්යාලයේ බුදු පිළිමය තබා ඇත්තේ වැසිකිලියක අසල මුල්ලක වීමය.එතැනට ජනපතිවරයා එක්ක යන්නට සිදුවීම ඔවුනගේ ලජ්ජාවට හේතුවක් වූයේලූ.

මේ කතාව ගැන මුල්වරට එළි කර තිබුනේ ලංකාවේ ප‍්‍රසිද්ධ පුවත්පතකි. කෙසේ වෙතත් ඉතාලියේ රෝම නුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වාර්තාව ප‍්‍රතික්ෂේප කළත් ඉතාලියේ වාසය කරන දඹදෙනියේ ධම්මාරාම හිමියන් මේ කතාව බොරුවක් නොවන බව පවසා තිබෙනවා.

පිදිය යුතුදේ පිදීමට රෝම තානාපති කාර්යාලය නොදැනීම ගැන ධම්මාරාම හිමි කණගාටුව පළකර තිබුණා.

උපුටාගැනීම

2 comments on “ඉතාලියේදී ජනපතිට බුදුන් වඳින්නට වැසිකිලියට යන්න වුණ කතාව – Religious Worship in The Toilet

  1. Thilaka Randeni on said:

    ජනාධිපති බුදුන් වදින්න ඕන කියන්න ඇත්තේ ම කරුණු හොදට දැනගෙන වෙන්න ඇති

  2. Bimba on said:

    පිදිය යුතුදේ පිදීමට රෝම තානාපති කාර්යාලය නොදැනීම ගැන මගේද බලවත් කණගාටුව සුදුස්සන් සුදුසු තැනට පත් කල යුතුය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,731 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.