- පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය. | ජාතික බෞද්ධ බලවේගය on පෙට්රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.
- පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා…. | ජාතික බෞද්ධ බලවේගය on පාසල් පෙළ පොත්වල ඉතිහාසය වෙනස් කරලා….
- මාස දෙකක් ඇතුළත කුරගල නිදහස් « ජාතික බෞද්ධ බලවේගය on මාස දෙකක් ඇතුළත කුරගල නිදහස්
- භයානක ආගමික කල්ලියක් « ජාතික බෞද්ධ බලවේගය on බුදු පිළිම පොලවේ ගසා ගිනි තබා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක්
- මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා « ජාතික බෞද්ධ බලවේගය on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණ on අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ
- විමල් on ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
- masu on මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
- පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත « ජාතික බෞද on පාකල් අධිරාජ්‍යයා ගේ සිහින හත- 1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත
- සීගිරියේ සඟවා දැමූ අභිරහස් « ජාතික බෞද්ධ බලවේගය on සීගිරියේ සඟවා දැමූ අභිරහස්

බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුවෙන් ජනාධිපතිට ලිපියක් සති කීපයකට පෙර දඹුල්ලේ පැවති කලබලකාරී වාතාවරණයට සම්බන්ධ වී උද්වේගී හැඟීම් මගින් තවදුරටත් එය වර්ධනය කිරීමට බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුවට කිසිම අවශ්‍යතාවයක් වුවේ නැත.එසේ නමුත් මේ සම්බන්ධව ඉඩම් අමාත්‍ය ජනක තෙන්නකෝන් මහතා විසින් කරන ලද ප්රකාශයක් සහ මෙම ප්රශ්නයට තුඩුදුන් මුස්ලිම් දේවස්ථානය යයි කියනු ලබන ස්ථානය වසර 70 පමණ කාලයක සිට පවතින එකක් බවට සාවද්‍ය ප්රකාශ ඉදිරිපත් කර ඇති මුස්ලිම් දේශපාලඥයන්ගේ එම ප්රකාශ නිසා තවදුරටත් අපහට මේ පිළිබඳ නිශ්ශබ්දව සිටීමට නොහැක.මෙම ප්රශ්නය සම්බන්ධයෙන් සිංහල සහ බෞද්ධ ජනතාව අනිසි අසත්‍ය සහ අසාධාරණ විවේචනවලට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද භාජනය වී ඇතැයි බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව ජනාධිපතිතුමා වෙත ලිපියක් යවමින් කියා සිටී. සම්පූර්ණ ලිපිය පහත දැක්වේ. ප‍්‍රශ්නගත ඊනියා ඉස්ලාමිය පල්ලියට ඇතුල් විය හැක්කේ ගෙවල් දොරවල් අතරින් යන පටු මාර්ගයකින් බව එම ස්ථානය බැලීමට යන කෙනෙකුට දැකගැනීමට හැකිවනු ඇත. මෙම පල්ලිය කඩා බිඳ දමා ඇති බව ඇසීමෙන් පසු මෙම ස්ථානය බැලීමට ගිය මුස්ලිම් ප‍්‍රජාව ඇතුළු පිරිසට පුදුමයකට මෙන් දැක ගන්නට ලැබෙන්නේ ප‍්‍රශ්නගත පල්ලියක් යැයි කියාගන්නා ගොඩනැගිල්ල තවමත් නිරුපද්‍රිතව එහි තිබෙන බවයි. මෙයින්ම මෙම කරුණ පිළිබඳ මාධ්‍ය සහ වෙනත් ආකාරයෙන් ගෙන යනු ලබන අසත්‍ය සහ සාවද්‍ය ප‍්‍රචාරයන්ගේ තත්ත්වය අවබෝධ කරගත හැක. මෙම දඹුලූ සිද්ධිය හුදකලාවූ තනි සිද්ධියක් ලෙස සැලකිය නොහැක. මහමෙව්නා උයනේ ඉස්ලාමීය පල්ලියේ සිද්ධිය සම්බන්ධයෙන් වසරක්වත් ගෙවී නොමැති අවස්ථාවක දඹුල්ලේ සිද්ධියට ආනුශාංගිකව අධිකරණ අමාත්‍ය සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රාවුෆ් හකීම් විසින් මාධ්‍යයට ප‍්‍රකාශ කර සිටියේ දඹුල්ල පූජා භූමි පෙදෙසේ ඉදිකර තිබෙන මෙම පල්ලිය වෙනත් ස්ථානයකට ගෙන යාමට තමා එකඟ නොවන බවයි. සියලූම වාර්ගික සහ ආගමික කණ්ඩායම්වලට සමාන සේ සලකනු ලබන ජනාධිපතිවරයෙකුගේ අධිකරණ ඇමතිවරයා විසින් මෙවැනි ප‍්‍රකාශයක් කිරීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මෙම ප‍්‍රශ්නයට නීති මාර්ගයෙන් ගනු ලබන කි‍්‍රයාවලට ඉඩ හැරීම ඔහුගේ යුතුකමව තිබුණි. මෙම පල්ලිය වසර 70 ක පමණ කාලයක පවතින බව කීම මත මෙය වෙනත් ස්ථානයකට ගෙනයෑමට මුස්ලිම් දේශපාලනඥයින් සහ සංවිධාන විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇත. එය එසේ අවුරුදු 70 ක කාලයක් තුළ පැවතියේ යැයි ප‍්‍රකාශ කරතත් ඊනියා ඉස්ලාමීය පල්ලිය, පල්ලියක් ලෙස හඳුනාගත හැකි කිසිදු ලක්ෂණයක් එහි නොමැත. හි පසුබිම් තත්ත්වය මෙම ඊනියා ඉස්ලාමීය පල්ලිය ෙඓතිහාසික රන්ගිරි දඹුලූ විහාරයේ සිට මීටර් 200 ක් දුරින් පිහිටි ස්ථානයකි. මෙම පල්ලිය වසර 70 ක පමණ කාලයක සිට මෙම ස්ථානයේ පැවති බව කියන සහතික ප‍්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යය. මෙම පල්ලිය ගොඩනැගු ඉඩම අයත්ව තිබුණේ රන්ගිරි දඹුලූ විහාරයට නමුත්, යටත් විජිත පාලන සමය තුළදී රජය පවරා ගන්නා ලදී. ඉන්පසු මෙම ඉඩම කොටස් කර විකුණන ලදී. 1950 දී පමණ සමහරක් ඉඩම් කොටස් මුස්ලිම්වරුන් ලබාගෙන ඇති අතර ඔවුන් මෙම ස්ථානයේ වෙළෙඳාම් කටයුතු කරගෙන ගියෝය. මෙම ඉඩම කිසිම විටක ඉස්ලාමීය පල්ලියක් ලෙස යොදාගෙන නැත. මෙම රන්ගිරි දඹුලූ විහාරය අවට ඉඩම්වල වෙනත් ආගම්වලට ජන කොටස් පදිංචි වීම පිළිබඳව රන්ගිරි දඹුලූ විහාරය විරුද්ධ වී නැත. කෙසේ නමුත් මෙවැනි පල්ලියක් ෙඓතිහාසික විහාරස්ථානයක් ඉදිරිපිට ඉදි කිරීම ආගමික සහජීවනයට සහ අනෙේයා්න්‍ය පැවැත්මට හිතකර බව අප කිසි විටකත් විශ්වාස නොකරමු. 1981 මාර්තු 17 දිනැති රජයේ ගැසට් නිවේදනයක් මගින් දඹුල්ල රජමහා විහාරය සහ ඒ අවට ඇති ඉඩම් පූජා භූමි පෙදෙසක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. ඉන්පසු 1992 දී පමණ ඉඩම් අත්පත්කරගැනීමේ ආඥා පනත යටතේ 7 වන වගන්තිය ප‍්‍රකාර රජයේ ගැසට් පත‍්‍රයක් මගින් දැන්වීම් නිකුත් කරමින් මෙම ඉඩම් රජයට පවරා ගැනීම ප‍්‍රකාශයට පත් කරන ලදී. එහිදී ඉඩම් කොටස් 38 ක් රජයට පවරා ගැනීම් සඳහා හඳුනාගෙන තිබුණි. මෙම එකී ඉඩම් කොටස් 38 න් කොටස් 7 කට මුස්ලිස්වරුන් ද, කොටස් 4 ට දමිල ජාතිකයින්ද අයිතිවාසිකම් කියන ලද අතර මෙම සියලූම ඉඩම් කොටස් සඳහා දඹුල්ල රජමහා විහාරය අයිතිවාසිකම් ප‍්‍රකාශ කරන ලදී. මුස්ලිම්වරුන් විසින් අයිතිවාසිකම් කියන ලද්දේ එහි කැබලි අංක 47, 49, 51, 52, 53, 54 සහ 57 යන කොටස්වලට ය. ඉහත කී කොටස් 7 සම්බන්ධයෙන් ඉස්ලාමීය දේවස්ථානයක් වෙනුවෙන් වූ අයිතිවාසිකමක් ඉදිරිපත් කර නොතිබුණු අතර ඉදිරිපත් කර තිබූ අයිතිවාසිකම් සියල්ල පුද්ගලික ඉඩම් අයිතිවාසිකම් වේ. ඉහත සඳහන් කැබලි අංක. 47 (වරිපනම් අංක. 58* ස්ථානයට නැතිනම් දේපලට දඹුල්ල, මහනුවර පාර, අංක. 58 හි අබ්දුල් මජීඞ් සේතු බිබී සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන්ද, හිමිකම් කියා සිටින ලදී. කැබලි අංක. 49 (වරිපනම් අංක. 52* සඳහා යූ.මොහොමඞ් ඊබ‍්‍රාහිම් සහ දඹුල්ල විහාරයේ භාරකරුවන්ද හිමිකම් පා ඇත. කැබලි අංක. 51 (වරිපනම් අංක. 44* සඳහා මාතලේ, නාගොල්ල පාරේ, අංක. 44 හි මොහොමඞ් ආදම් අබ්දුල්ලා අහමඞ් ලෙබ්බේ මොහොමඞ් සිද්ධි යන අය සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන්ද හිමිකම් පා ඇත. කැබලි අංක. 52 (වරිපනම් අංක. 36* සඳහා දඹුල්ල, නුවර පාර, යූ.එස්.එච්. මොහොමඞ් ෆාරුක් සහ යූ.එස්.එච්. අබ්දුල් වහාබි යන අය සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් හිමිකම් පා ඇත. කැබලි අංක. 53 (වරිපනම් අංක. 44* සඳහා දඹුල්ල, නුවර පාර, අංක. 44 හි එස්.එච්. මොහොමඞ් ඊබ‍්‍රහිම් යන අය සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් හිමිකම් පා ඇත. කැබලි අංක. 54 (වරිපනම් අංක. 44* සඳහා දඹුල්ල, නුවර පාර, අංක. 44 හි කේ. මොහොමඞ් මොහොදීන් යන අය සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් හිමිකම් පා ඇත. කැබලි අංක. 57 (වරිපනම් අංක. 16, 18 සහ 20* සඳහා කිවිස්ස, නිකවටන හි සුලෙමා ලෙබ්බේ, සාහුල් හමීඞ් ලෙබ්බේ, ෂෙරිෆ්ඞීන් සෙයියදු යාසේන් සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් හිමිකම් පා ඇත. මෙහිදී ඉහත කැබලි අංක. 51, 53 සහ 54 සඳහා එකම වරිපනම් අංකයක් දී ඇති අතර එයින් පෙනී යන්නේ මෙම ඉඩම් කැබලි ඒකාබද්ධ කොට එහි යම් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවයි. මෙම ගොඩනැගිල්ල ඉහත ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ස්ථිර, උලූ සෙවිලි කළ, කපරාදුකළගොඩනැගිල්ලක් යනුවෙනි. මින් පෙනී යන්නේ ඉඩම් අත් කරගැනීමේ පනත යටතේ ඉහත කී ගැසට් නිවේදනය 1992 නිකුත්වන විට මෙම ගොඩනැගිල්ල සඳහා අයිතිවාසිකම් කියා ඇත්තේ පුද්ගලයින් තම පුද්ගලික තත්ත්වයෙන් මිස ඉස්ලාමීය පල්ලියක් නියෝජනය කරන ආයතනයක් ලෙස නොවන බවය. මෙම පුද්ගලයින් කිසිම අවස්ථාවක පල්ලියකට අයත් කොටසක් යන පදනමෙන් අයිතිවාසිකම් ඉදිරිපත් කර නොමැත. ඉහත සඳහන් 1981 සහ 1992 ගැසට් පත‍්‍ර අනුව ක‍්‍රියා නොකිරීම හෝ ප‍්‍රමාදයක් හේතුවෙන් අද දඹුල්ලේ මේ තත්වය උදාවීද ? නැඹුරුව – ප‍්‍රවණතාව රාවුෆ් හකීම් ඇමතිවරයාගේ සහ වෙනත් මුස්ලිම් දේශපාලනඥයන් කීප දෙනෙක් කරන ලද ප‍්‍රකාශයන් පිළිබඳව අප ඉතා කණගාටු වෙමු. අපට පෙනීයන කරුණක් නම් මෙහිදී සංවිධානාත්මකව ෙඓතිහාසික බෞද්ධ ස්මාරකයක් සහ සිද්ධස්ථානයක් තුළ සහ අවට ඉස්ලාමීය පල්ලි ගොඩනැගීමේ සහ එම පන්සල් අවට මුස්ලිම් ජාතිකයින් ස්ථානගත කිරීමේ උත්සාහයක් ගනිමින් තිබෙන බවයි. කූරගල, දෙවනගල, මුහුදුමහා මහා විහාරය, මහමෙවුනා උයන, දීඝවාපිය තවත් උදාහරණ කීපයකි. මීට ටික වසරකට පෙර මුස්ලිම් කොන්ග‍්‍රස්හි නායක රාවුෆ් හකීම්ගේ පුර්වගාමියා වන අෂ්රෆ් මහතා දීඝවාපි විහාරය අවට මුස්ලිම්වරුන්ටම වෙන්වූ සම්පූර්ණ ගම්මානයක් පිහිටවූ අතර එය අශ්රෆ් නගර් යනුවෙන් හඳුන්වන ලදී. මෙම අෂ්රෆ් නගර් ගොඩනගන විට දීඝවාපියට අයත් පරිවාර චෛත්‍යය හිතාමතාම සමතලා කරන ලදී. ළඟකදී සුනාමි විපතට පත්වූවන්ට අවශ්‍ය නිවාස සෑදීමේ මුවාවෙන් දීඝවාපියට දකුණින් මුස්ලිම් පවුල් 500 ට පමණක් වෙන්වූ තවත් ගම්මානයක් පිහිටුවන ලදී. මෙම කි‍්‍රයාව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඉතා සාර්ථකව අභියෝගයට ලක්කරන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත්ව තිබූ ලේඛණ සහ ලේඛණ මත සනාථ කිරිම් අනුව නඩු තීන්දුවෙන් විශේෂයෙන් පෙන්වා දුන් කරුණක් වූයේ මෙම නිවාස 500 ගොඩනැගීම සඳහා යෝජනා ඉදිරිපත් වූයේ සුනාමි ඛේදවාචකයට කලකට පෙර බවයි. ඒ අනුව මෙම සුනාමි විපතට පත්වූවන් සඳහා යයි කියමින් සිදුකරන අයිතිවාසිකම් ව්‍යාජ බව පෙන්නුම් කරදීමට අධිකරණය පැකිලූනේ නැත. නිර්දේශ ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තිය යටතේ බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම රජයේ මුලික පරම යුතුකමකි. බෞද්ධයින්ගේ ප‍්‍රබල විශ්වාසය නම් මෙම මුලික ව්‍යවස්ථාමය යුතුකම නැතහොත් බැඳීම අනුව රජය කි‍්‍රයා කරනු ඇතැයි යන්නය. ඒ නිසා අප රජයෙන් ඉල්ලා සිටින්නේ, (1* සාමයෙන් විසීම තර්ජනයට ලක්කිරීමේ ස්වභාවයෙන් අනාගතයේ ඇතිවන්නාවූ මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම පිණිස වැඳුම් පිදුම් කරන ස්ථාන ගොඩනැගීමේදී ලබාගත යුතු බලපත‍්‍ර හෝ අවසර පත‍්‍ර පිළිබඳ සහ එම රෙගුලාසි ඉක්මනින් කි‍්‍රයාකාරී ලෙස කි‍්‍රයාත්මක කිරීම සඳහා බුද්ධශාසන සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ප‍්‍රාදේශීය සභා සහ අනෙකුත් අදාළ රජයේ ආයතන නිසි ලෙස සම්බන්ධීකරණය කරවන ලෙසත්, (2* වැඳුම් පිදුම් කරන ස්ථානවලට බලපත‍්‍ර හෝ අවසර පත‍්‍ර ලබාදීමේ දී ඒවා බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කරනවා මිස එක් එක් ආගම්වලට අදාළ දෙපාර්තමේන්තු වලින් නිකුත් කිරීම වැළැක්විය යුතු බවත්, (3* දැනට පවතින සහ බලය දී ඇති ඉස්ලාමීය පල්ලි පිළිබඳ ලැයිස්තුවක් ප‍්‍රකාශයට පත් කරන ලෙස සහ එමගින් ජනතාවට දඹුල්ලේ එවැනි ඉස්ලාමීය පල්ලි පැවතුන හෝ නොපැවතුන බවට සෑහීමකට පත්විය හැකි බවත්ය. බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව – කොළඹ


