යුරෝපයේ විශාලතම පන්සල ප්රංශයේ -Europe’s largest Buddhist temple

අඩි 16ක් උස ටොන් 8ක් බරැති ‘ජේඞ්’ බුද්ධ ප්රතිමාවක් සහිත යුරෝපයේ විශාලතම පන්සල ප්රංශයේ පැරිස් අගනුවර අසල බෙහෙවින් ජනාකීර්ණ ශාන්ත ජෝර්ජ් හිදි ජුනි මස 22 දින විවෘත කරන බව ජාත්‍යන්තර ප්රංශ ගුවන්විදුලිය පසුගියදා වාර්තා  කළේය.ඩොලර් මිලියන 20ක වියදමින් ඉදිකර ඇති මෙම පන්සල හා සංස්කෘතික මධ්‍යස්ථානයෙහි බැතිමතුන් දාහක් සඳහා පහසුකම් ඇත. වන්දනා කිරීමේ ඉඩකඩ, භාවනා කිරීමේ ඉඩකඩ සහ බැතිමතුන් සඳහා නවාතැන්ගත හැකි කාමර 40ක්ද නිර්මාංශ ආපනශාලාවක්ද මෙම සංකීර්ණයට ඇතුලත්ය.මෙම පන්සල නිර්මානයකළ ගෘහ නිර්මාන ශිල්පි ෆ්ඩ්ර්ක් රෝලන්ඞ් සඳහන් කරන්නේ, බොහෝ පන්සල්වල ආකෘතියවන සම්ප්රදායානුකූල දාගැබ් ස්වරූපයෙන් නොව පලතුරු ගස්වලින් පිරි විශාල භූමියක සාන්ත පරිසරයක් නිර්මානය වන ලෙස මෙම පන්සල ඉදිකර ඇතිබවයි. එය විශාල වශයෙන් දැව හා වීදුරු යොදාගෙන පිරිපහදු නොකල කොන්කිරිට් වැඩියෙන් යොදා සකස් කළ වහලවල් මත උයනක් සේ (Roof Garden)සැකසූ කොටස්වලින් සමන්විත බව ඔහු කීවේය.

මියන්මාරයේ කදුකරයේ පිහිටි සුදු තනි ජේඞ් (පච්ච ගලක්) ගලකින් එම ස්ථානයේදීම කපා රැගෙන ආ බුදු පිළිමය ප්රධාන ශාලාවේ තබා තිබේ. මියන්මාර ජේඞ් කන්දෙන් එම ස්ථානයේදීම කපා සකස්කල මෙම පිළිමය එහි සිටි ඉතා කාර්යයබහුල ප්රංශයේ මාර්සෙල්ස් වරාය වෙත රැගෙන එන ලදී. වාස්තු විද්‍යාඥ පොලි රෝලන්ඞ් සඳහන් කළේ රථ සමුහයක් යොදාගෙන මෙම පිළිමය දොඹකර මාර්ගයෙන් ගොඩනැගිල්ලේ වහලය සහ දොරවල් සවි කිරීමට පෙර ඇතුළට රැගෙන නිසි අයුරු ස්ථානගත කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,425 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.