ගල් පර්වතයක නෙලා තිබූ ඉපැරණි බුද්ධ ප්රතිමාව සුරක්‍ෂිත කරයි.

උතුරු චීනයේ ෂැන්ග්ෂි පළාතේ පිහිටි මහා කළුගලක මුහුණත කොටා තිබූ පිළිමවහන්සේනමක් සුරක්‍ෂිත කොට තහවුරු කිරීමේ යුආන් (චීන මුදල්) මිලියන 74ක් (ඇ.ඩොලර් 11.76ක්0) වැය වන ව්‍යාපෘතිය ජූනි මාසයේදී ඇරඹීමට චීන රජය පියවරගෙන තිබේ. චීනයේ උතුරු දිග ෂැන්ග්ෂි පළාතේ ටයියුආන්හි පිහිටි මෙන්ග්ෂාන් බුද්ධ ප්රතිමාව ලෙස මෙය හදුනාගෙන ඇත. ටයියුආන් නගරයේ භූ සම්පත් කාර්යාලය පවසන පරිදි මෙම ව්‍යාපෘතියේ අරමුණ අවට පිහිටි පතල් හේතුවෙන් අනතුරට භාජනය වූ ප්රදේශය එම පතල් ශක්තිමත්කර තහවුරු කිරීමෙන් ප්රතිමාව ආරක්ෂාකර ගැනීම යි.මෙම නව ව්‍යාපෘතිය නිමවීමෙන් පසු, ප‍්‍රදේශයේ රුක් නිල්ල (Greenery) වැඩි දියුණුවී එහි භූ විද්‍යාත්මක උවදුරු පහව ගොස් දර්ශනී භාවය ආරක්ෂාවී, ප්රදේශවාසීන්ගේ ජිවන තත්වය දියුණුවී සංචාරක ව්‍යාපාරයටද රුකුලක් වනු ඇතැයි විශ්වාස කරති. මීට වසර 141ට පෙර, එනම් ක‍්‍රි. ව. 551 දී චීනයේ උතුරු හා දකුණු රජ පෙළපත පැවති අවධියේදී මෙම පිළිමවහන්සේ නෙලා ඇත. එය ලොව විශාලතම හිඳි පිළිමය ලෙස සැලකෙන චීනයේ ෂිඩුවාන් පළාතේ ලෙෂාන් හි පිහිටි පිළිමයට වඩා වසර 162ක් පැරණිය. 1980 වසරේදී මෙම පිළිම වහන්සේ සොයාගන්නාවිට එය, කළුගල් කැබලි සහ රොන්මඩ වලින් වැසී තිබුණි. නොකඩවා කෙරුනු පතල් කැනීම් නිසා නායයාම් සහිත භූවිද්‍යා ආපදාවන්, භූමිය ගිලා බැසීම් හා කුහර ඇතිවීම් මගින් පිළිමවහන්සේ අනතුරට භාජනය වී තිබෙන මෙම ස්ථානය 2008 වසරේදී සංචාරකයන්ට විවෘත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,436 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.