Trial rooms ඔබ ඇදුම් මාරු කරන දර්ශන වීඩියෝගත කරනවා කිව්වොත් ඔබ මොකද හිතන්නෙ

hidden කැමරා

සාප්පු සවාරි යන අපේ ගෑණු ළමයින්ටයි මේ මතක් කිරීම. මේ රූපයේ පෙන්වා ඇති අයුරු hidden  කැමරා නම් ඉතා කුඩා කැමරා  trial rooms තුළ සවිකොට ඔබ ඇදුම් මාරු කරන විට ඒ දර්ශන වීඩියෝගත කරනවා කිව්වොත් ඔබට පුදුම හිතෙයි. ඇත්තටම දැන් දැන් ඒ ප්රවණතාව බොහෝම වැඩි වෙමින් යන බැවින් ඔබ සියලූ දෙනාම ඒ පිළිබදව දැනුවත් කිරීමට සිතුවා.

 hidden කැමරා ඇත්දැයි පරීක්ෂා කරගන්නා අන්දම.

 ඔබ trial rooms තුළට ඇතුල් වීමට පෙර ඔබගේ ජංගම දුරකතනයෙන් දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්ෂා කරන්න. හැකිනම් ඉන්පසු ඒ තුළට ඇතුළු වී නැවත දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්ෂා කරන්න. ඔබට එවිට දුරකතන ඇමතුමක් ලබාගත නොහැකි නම් ඒ තුළ hiddene  කැමරාවක් ඇති බව සනාථ වේ.

මේ කැමරා ඇත්තේ trial rooms තුළ පමණක්ම නොවේ. පොදු වැසිකිලි තුළ හෝටල් නාන කාමර තුළ පවා මේවා සගවා තබා ඔබව වීඩියෝගත කිරීමට ඉඩ ඇති බව සිහිතබා ගන්න.

 2 way Mirrors

hidden කැමරා සේම තවත් භයානක දෙයක් දැන් trial rooms තුළ සවි කර තිබෙනවා. ඒ තමයි 2 way mirror 2 – way mirrors යනු එම කණ්ණාඩියට පිටුපසින් සිටින අයෙකුට ඔබව පෙනෙන අතර ඔබට ඔවුන්ව නොපෙනීමයි. ඉතිං ඔබ එවන් කණ්ණාඩියක් ඉදිරිපිට සිට ඇදුම් මාරුකලහොත් සිදුවන දේ පැහැදිලි නේද?

2 way Mirrors භාවිතා කොට ඇත්දැයි පරීක්ෂා කරගන්නා අන්දම

ඔබ ඉදිරියේ ඇති කණ්ණාඩිය මත ඔබේ ඇගිලි තුඩ තබන්න. එවිට එහි ඇතිවන ප්රතිබිම්භය සහ ඔබේ ඇගිලි තුඩ අතර හිඩැසක් පෙනෙන්නට තිබේ නම් ඒ සාමාන්‍යය කණ්ණාඩියකි. නමුත් එසේ නොවී ඔබේ ඇගිලි තුඩ ඍජුව ප්රතිබිම්භයෙහි ගැටේ නම් එය  2 way Mirrors එකක් බව සනාථ වේ.

මේ දේ හැකිතාක් ඔබේ මිතුරියන් සමග බෙදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න. ඔබේම සහෝදරිය, ඔබේම ආදරවන්තිය මේ දේට ගොදුරු විය හැකි බව සිහියට ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,479 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.