නවසීලන්තයේ විශාලතම පන්සල – New zealand largest Buddhist temple

නවසීලන්තයේ විශාලතම පන්සල වන ‘‘ෆෝ ගුවාන්ග් ෂාන්’’ බෞද්ධ සිද්ධස්ථානය ඔක්ලන්ඞ්හි බොටනි ටවුන් හිදී පසුගිය අප්රේල් 15 දා විවෘත කෙරින. විශාල ප්රදේශයක පැතිර තිබෙන මෙම දැවැන්ත චීන මහායාන පන්සල ස්ර් බැරි කර්ටිස් පාර්ක් අභියස හෙක්ටයාර් 3.65 ක භූමියක ඉදිකර තිබේ. ඒ තුළ විශාල ප්රමාණයේ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්රතිමාවක් ඉදිකර ඇත. ඉදිරිපස පඩිපෙල කෙළවර විශාල ප්රවිශ්ඨ වීමේ ශාලාවේ වම්පසින් පුද පූජා සඳහා අවශ්‍ය සියලූ ද්‍රව්‍ය හා ඉපැරණි කෞතුකභාණ්ඩද විවිධ වර්ගයේ කුඩා පිළිම වහන්සේලා හා බොදු පොත් පත් ආදිය ද මිලට ගතහැකි වෙළඳපොලකි. එය නුදුරින් නිර්මාංශ ආපන ශාලාවකි. ටෑං රජපෙළපතෙහි සිට පවැත එන සාම්ප්රදායානුකූල ක්රමයට ගොඩනැගුනු පන්සල හමුවන්නේ ඉන් පසු ය. එහි තිබෙන අලංකාර මෝස්තර නිරූපණය කරන්නේ ‘‘යහපත් කම පල නෙලා ගැනීමට යහපත් කිරියාවන් වැපිරිය යුතු ය’’ යන චින ප්රස්ථා පිරුළු ය.

‘‘නිව්සීලන්ඞ් හෙරල්ඞ්’’ අනුග්රහයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,451 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.