හොන්කොං හි පැවති තුන්වෙනි ලෝක බෞද්ධ සංසදයේ මහා සමුළුව පසුගිය අපේ‍්‍රල් 27 වෙනිදා නිමාවට පත් වූයේ ය. දාහකට ආසන්න නියෝජිත පිරිසක් මෙම සමුළුවට සහභාගී වී සිටිය හ. ‘‘ මනසින් පටන් ගැනෙන සංගතික ලොවක්, බොදු අපේක්‍ෂාවන් හා කිරියාවන් මත ඒකරාශී වන සහයෝගීතාවක්’’ යන තේමාව යටතේ නිකුත් කළ ප්රකාශනයකින් සමුළුව නිමාවට පත්කරන ලදී. චීනයේ නැගෙනහිර ජීඇන්ග්ෂූ පළාතේ වුක්‍ෂි හි ලිංග්ෂෑං නගරය ලෝක බෞද්ධ සමුළුවේ ස්ථිර මධ්‍යස්ථානය බවට ද ප්රකාශ කෙරින.මෙම නිවේදනය වුක්‍ෂි නගරාධිපති ෂූ කී ජීයෑං වෙත නිල පුවරුවක් මගින් බාරදෙන ලදී. බෞද්ධාගමේ ඉහල මට්ටමේ සංවාදයක් ගොඩනැගීමේ විවෘත හා සමානාත්මතාවයෙන් යුත් වේදිකාවක් ලෙස ලෝක බෞද්ධ සමුළුව පවත්වාගෙන යාමේ අරමුණ වන්නේ ය. දෙවැනි ලෝක බෞද්ධ සමුළුව පැවැත්වූයේ 2009 වසරේ දී චීනයේ ජියෑංෂූ ප්රදේශයේදී ය. එය නිමාවූයේ තායිවානයේදී ය.
මූලාශ්රය බුඩිස්ට් චැනල් ටී.වී




