පැවිදි වෙස් ගත් කල්ලියක් හිඟනමේ යයි

බෞද්ධ භික්‌ෂුවක්‌ ලෙස පෙනී සිටිමින් මහරගම නගරයේ සිඟාකමින් සිටි චීවරධාරියකු අල්ලා මිරිහාන පොලිසියට භාරදීමක්‌ ඊයේ (05 දා) වාර්තා විය. මහමිතව පඤ්ඤාරතන හිමියන්ට ලැබුණු තොරතුරක්‌ අනුව මෙකී පුද්ගලයා අල්ලා පොලිසියට භාරදුන් බව වාර්තාවේ. එම පුද්ගලයා පොලිසියට භාර දෙන අවස්ථාවේ තර්ජනය කරමින් කියා සිටියේ අපේ කල්ලියේ අපි වගේ අය තව ඕන තරම් ඉන්නවා පුළුවන් නම් අල්ලාගන්න යනුවෙනි. මෙහිදි පොලීසියේ ඇතමෙක් මේ පුද්ගලයා නිදහස් කරන්නට මහත් උත්සහයක් කර ඇති බවද වාර්තා වේ. පොලිසියට භාරදෙන අවස්‌ථාවේදී බෞද්ධ භික්‌ෂුවක්‌ ලෙස ඔප්පු කිරීමට කිසිදු දෙයක්‌ මේ පුද්ගලයා සතුව තිබී නැත. මෙකී පුද්ගලයා මීට පෙර දිනයේදී මහරගම නගරයේ ගිහියකු ලෙස හැසිරී ඇති බවට තොරතුරු වාර්තාවී ඇත. බෞද්ධ භික්‌ෂුවගේ ප්‍රතිරූපය විනාශ කිරීමේ අරමුණින් අන්‍යාගමික කල්ලි විසින් මෙවැනි කටයුතු සිදුකරන බවත්, කොට්‌ටාව, මහරගම, මිරිහාන, නුගේගොඩ, හෝමාගම වැනි නගරවල මෙවැනි ආකාරයේ භික්‌ෂු වෙස්‌ගත් පුද්ගලයන් සිඟා කන බවත් මහමිතව හිමියෝ වැඩිදුටරත් පැවැසූහ. මේ පිළිබඳ එම හිමියන් විසින් බෞද්ධ කටයුතු කොමසාරිස්‌ වෙත ද පැමිණිලි කර ඇත

උපුටාගැනීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,734 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.