මාලදිවයිනේ ඉස්ලාමීය අන්තවාදීන් බෞද්ධ හා හින්දු පිළිම තිස්පහක් කඩාබිඳ සුන්බුන් බවට පත්කරති

ත‍රස්තවාදීන් විසින් ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදුපිළිමය ඇතුළු මිල කළ නොහැකි තරම් වටිනා බොදු පුරාවස්තු විනාශ කළ ආකාරයට ම මාලදිවයිනේ ඉස්ලාම් අන්තවාදින් ද එරට ඉතිහාසය අකා මකා දමමින් පුරාවිද්යාකත්මක අගයකින් යුත් ඉපැරණි පිළිම ඇතුළු බොදු පූජනීය වස්තූන් විනාශ කරමින් සිටිති.

මෙවර ඔවුන් විසින් විනාශ කර ඇත්තේ මාලදිවයිනේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ බොදු හා හින්දු පිළිම සමූහය කි.පස් දෙනෙකුගෙන් යුත් ඉස්ලාමීය අන්තවාදින් පිරිසක් මෙම ජාතික කෞතුකාගාරයට ඇතුල් වී බුදුපිළිම හා හින්දු ආගමික පිළිම කඩා කුඩු පට්ටම් කොට තිබේ. පූර්ව ඉස්ලාමීය යුගයට අයත් මෙම මිලකළ නොහැකි වටිනාකමකින් යුත් පිළිම අන්තවාදී කණ්ඩායමේ ඉලක්කය බවට පත්ව තිබුණි. කඩාබිඳ දැමූ පිළිම නැවත හඳුනාගත නොහැකි ලෙස සුන්බුන් බවට පත්කර තිබේ.

පෙරදී මාලදිවයින සිංහල ජාතිකයන් පදිංචිව සිටි බෞද්ධ රටකි. අද ඉස්ලාම් ජාතිකයන් බවට පත්ව සිටින්නේ එසේ පදිංචිව සිටි සිංහල වැසියන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමෙනි. ඒ බවට සාක්ෂිප මාලදිවයින් ඉතිහාසයේ දැක්වේ. දැන් 100% ක් ඉස්ලාම් ජාතිකයින්ගේ රටක් බවට පත්කරගෙන ඇති මාලදිවයිනේ අන්තවාදී පිරිස් ඉතිහාසය අකා මකා දැමීමට උත්සාහ කරන්නේ මේ නිසා ය.

මෙම පිළිම විනාශ කිරීමෙන් මාලදිවයිනේ පූර්ව ඉස්ලාමීය යුගය පිළිබඳ ඉතිහාසය සහ මුලින්ම මකා දැමීම සිදු වේ. එකොළොස්වන සියවසට අයත් හිරිගල් (Coral Stone)බුදු පිළිමයක් ද මුළුමනින් ම විනාශ කර ඇත. වටිනා පුරාවස්තු විනාශ කිරීම පිළිබඳව මාලදිවයින් කෞතුකාගාර සේවකයින් කථා කළේ දැඩි කනස්සල්ලකින් හා දුකකිනි. හිරිගල් හා හුණුගල් වලින් නිමවා තිබූ දොළොස්වැනි සියවසට අයත් සියලූම පිළිම දැන් විනාශකර අවසන් බව ඔවුන් කී හ.

මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඞ් වහීඞ්ට ආධාර කරන ‘‘අදාලත් පක්ෂ ය’’ (Adhaalath Party) නමැති ඉස්ලාමීය පක්ෂවය ප්රකාශ කළේ මලදිවයින් ව්ය වස්ථාවට අනුව එරට කිසිම තැනක පිළිම තැබීම තහනම් බව යි. ඉස්ලාමිය නොවන්නෙකුට මාලදිවයිනේ පුරවැසිබව ලැබිමට ද ඉඩ දෙනු නො ලැබේ.

මූලාශරො ය : බුඩිස්ට් චැනල් ටී.වී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,493 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.