බුත්තල රක්ෂිත වනාන්තර මහා පරිමාණයෙන් වනසද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඩයි

මොණරාගල දිස්තිරික්කයට අයත් බුත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ නියදැල්ල, දෙමෝදර, උපාලිය,කළුදියඇල්ල, තෙනගල්ලන්ද, බෝපිටිය, ඇතිමලේ, කොටියාගල, ඉත්තෑකටුව ආදී ප්රදේශවල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 20,000 ක් පමණ විවිධ පුද්ගලයන් විසින් හේන් වගාව සහ මැණික් ගැරීම් සඳහා අනවසරින් අත්පත් කර ගෙන තිබේ. මේ සම්පූර්ණ වනාන්තර ප්රදේශය ම අක්කර 10 සිට 300 අතර කොටස්වලට වෙන් කර මහ පරිමාණ හේන් වගාවන් හා මැණික් ගැරීම් සිදු කරනු ලැබේ.රුහුණු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන කුඹුක්කන් ඔයේ දකුණු ඉවුරු ආශිරිතව මේ වනාන්තර ව්‍යාප්තව ඇත. අනවසරින් අල්ලාගෙන ඇති බොහෝ වනාන්තර බිම් එළි පෙහෙළි කිරීම හා ගිනි තැබීම් සිදු කර වගා බිම් ව්‍යාප්ත කිරීමට හා මැණික් ගැරීම් සඳහා යොදා ගැනීමට අමතරව නිවාඩු නිකේතන ඉදි කිරීමටත්ත් භාවිත කරයි.

කුඹුක්කන් ඔය හා විලඔය එක්වන දෙමෝදර ප්රදේශයේ අක්කර 10 ක පමණ වනාන්තර ප්රදේශයක් එම්.ඞී.එස්.එල්. රක්ෂණ සමාගම මගින් වෙන් කර ගෙන තිබෙන අතර එහි නිවාඩු නිකේතනයක් ද ඉදි කර තිබේ. ඉතිරි වනාන්තර එළි පෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීම සිදු කර ඇති අතර මේ භූමියට අලින් ඒම වැළැක්වීම සඳහා විදුලි වැටක් ද ඉදි කර තිබේ. මේ භූමිය රුහුණු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ පිහිටි ප්රධාන අලි මංකඩකි.

දෙමෝදර ආශ්රිත ප්රදේශයේ තවත් වනාන්තර අක්කර 300 ක් පොල් කර්මාන්ත හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් වෙන් කර ගෙන ඇති අතර ඊට යාබදව ඇති අක්කර 200 ක වනාන්තර භූමිය බුත්තල ප්රදේශීය සභා මන්තිරීආර්. එම්. ප්රේමරත්න මහතා විසින් වෙන් කර ගෙන තිබේ. මේ සම්පූර්ණ ප්රදේශය ම ඝන වනාන්තරයෙන් වැසී ඇති අතර එම සම්පූර්ණ ප්රදේශය ආවරණය වන ලෙස විදුලි වැටවල් ඉදිකර තිබේ. වෙන් කළ වනාන්තරවලින් කොටස් එළිපෙහෙළි කර හේන් වගාවන් මේ වන විට ව්‍යාප්ත කර තිබේ. මේ සම්පූර්ණ වනාන්තර ප්රදේශයම අලි ගැවසුම් භූමියක් වන අතර රුහුණු ජාතික වනෝද්‍යානයේ සිට උතුරින් පිහිටි ප්රදේශවලට විශේෂයෙන් කුඹුක්කන වන රක්ෂිතයට හා ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානයට අලි සංකරමණය වන්නේ මේ වනාන්තර ප්රදේශය හරහා ය. එපමණක් නොව මේ සම්පූර්ණ වනාන්තර ප්රදේශයම කුඹුක්කන් ඔයේ ජල පෝෂක වනාන්තර ප්රදේශයකි. මේ සියලූ හානිකර කිරියා සිදු කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර බිම් ප්රදේශ වල වුව ද මේ හානිකර කිරියා පිටුදැකීමට කිසිදු පියවරක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන නොමැත.

සංශෝධිත 2009 අංක 65 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයේ වනාන්තර බිම් එළි පෙහෙළි කිරීම, හේන් වගාව සඳහා ගිනි තැබීම, ශාක කපා ඉවත් කිරීම, අනවසරින් රජයේ ඉඩම් වෙන්කර ගැනීම, දියපහරවල් අවහිර කිරීම, වගා කටයුතු සඳහා එම දියපහරවලින් ජලය ලබා ගැනීම, මැණික් පතල් කැණීම, පස් හාරා වගාවන් සඳහා බිම් සකස් කිරීම, වගාබිම් ස්ථාපිත කිරීම, තාවකාලික ඉදිකිරීම් කටයුතු සිදු කිරීම, ඉඩම්වලට පිවිසීම සඳහා මාර්ග තැනීම, විදුලි වැටවල් ඉදිකිරීම හා ඉඩම් මායිම් කිරීම යන නීති විරෝධී කිරියා රැසක් සිදු කරන

අතර එම නීති උල්ලංඝනය කරන සියලූ පාර්ශවයන්ට එරෙහි ව නීතිය කිරියාත්මක කිරීමේ හැකියාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත. රුහුණු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ සිට සැතපුමක් ඇතුළත සිදු කරන සංචාරක නිකේතන පවත්වාගෙන යාම හා අනෙකුත් හානිකර සංවර්ධන කටයුතු වලට එරෙහිව කිරියාත්මක වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබේ. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9අ. වගන්ති ප්රාකාරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව (පරිසර බලපෑම් ඇගැයීම් කිරියාවලියට යටත්ව කවර ආකාරයක හෝ සංවර්ධන කිරියාවලියක් කිරියාත්මක කළ නොහැකි ය. නමුත් මේ නීතිමය තත්ත්වය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් උක්ත සියලූ වනාන්තර එළි පෙහෙළි කිරීම් ඇතුළු සංවර්ධන කිරියා සිදු කෙරෙමින් පවතී. ඊට එරෙහි ව නීති කිරියාත්මක කිරීමේ හැකියාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත. මේ ආකාරයට දේශපාලන බලය හා මුදල් බලය භාවිත කරමින් මහ පරිමාණයෙන් කිසිදු ඉවක් බවක් නොමැතිව වනාන්තර එළි පෙහෙළි කළ ද ඒවා සියල්ල ජාතික පාරිසරික පනතට අනුව ද නීති විරෝධී වෙයි. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්රාකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තරයක් එළි පෙහෙළි කර සිදු කරන සංවර්ධන ව්‍යාපෘතියක් කිරියාත්මක කිරීමට ප්රථමයෙන් පරිසර බලපෑම් ඇගැයීම් කිරියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මේ නීතිමය ප්රතිපාදනය උල්ලංඝනය කරමින් මහ පරිමාණ ව සිදු කරන උක්ත වනාන්තර එළි පෙහෙළි කිරීම් වලට එරෙහි ව කිරියාත්මක වීමේ හැකියාව මධ්‍යම පරිසර අධිකාරියට ඇත. නමුත් මේ සියලූ ආයතන දේශපාලන බලය ඉදිරියේ මුණිවත රැකීම කණගාටුවට කරුණකි. විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් යටතේ පාලනය වන වනාන්තර රැුක ගැනීමට නීතිය කිරියාත්මක නොකිරීම ජාතියේ අවාසනාවකි. පාරිසරික හා වනජීවී ආරක්ෂණ අනපනත් උල්ලංඝනය කරමින්, අලි – ඇතුන්ගේ වාසස්ථාන විනාශ කරමින් හා අලි – මිනිස් ගැටුම වර්ධනයට හේතු වන ලෙස කිරියාත්මක වන ඉහත මහා පරිමාණ ආරක්ෂිත වනාන්තර විනාශය කඩිනමින් නතර කිරීමට කිරියාමාර්ගගන්නා ලෙස අදාළ අංශ වෙත අවධාරණය කර සිටිමු.

සජීව චාමිකර – පරිසර සංරක්ෂණ භාරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,424 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.