දඹුල්ලේ මුස්ලිම් පල්ලිය 23ට කලින් ඉවත් කරන්න

දඹුල්ල රජ මහා විහාරස්ථානයට අයත් අක්කර 300 ක් පමණ වන ඉඩම් පූජා භූමි සංවර්ධනයට යැයි පවසමින් රජය විසින් පවරාගෙන ඇති  නමුත්, ඒවා දේශපාලනඥයින්ගේ අවශ්‍යතා  මත අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරිම සදහා ලබා දී ඇති  බවට චෝදනා කරමින්, අද (20) පෙරවරුවේ සිට දඹුල්ලේ උද්ඝෝෂණයක් පැවැත්වුනි. සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක ඉනාමලූවේ ශ‍්‍රී සුමංගල හිමියන් එහි පෙරමුණ ගෙන සිටිති. මුස්ලිම් පල්ලිය පිහිටි භූමියකට ඇතුළු වූ පිරිසක් පූජා භූමියෙන් පල්ලිය ඉවත්කර ගන්නා ලෙස බලකරමින් විරෝධතාවයේ නිරතවිය.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ සඳහා ඍජුවම මැදිහත් වූ බවට එල්ල වන චෝදනාව ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා පවසන්නේ, දඹුල්ල පූජා භූමියට අයත් භූමියේ කිසිදු ඉදිකිරිමකට තමා අනුමැතිය ලබා දී නොමැති බවයි.

පසුව තත්ත්වය සමනයට පත් කල අතර  පූජා භූමියේ අනවසර ඉදිකිරීම් ලබන 23 වැනිදාට පෙර ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති ඩී.එම්.එම්.ජි.බී. පෙරමුණේ මහතා අදාල පාර්ශවන්ට අද (20) ලිඛිතව දැනුම් දුන් අතර එසේම අනවසර අන්‍යාගමික ස්ථාන ඇතොත් ඒවාද ඉවත්කරන ලෙස දැන්වුයේය.

සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක ඉනාමලූවේ ශ‍‍්‍රී සුමංගල හිමියෝ එම උද්ඝෝෂණය මෙහෙයවනු ලැබූහ. එහිදී දඹුල්ලේ අනවසර ඉදිකිරීම් ඇති බව ප‍‍්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී හේවාපතිරණ මහත්මිය මහසංඝරත්නය ඉදිරිපිට දී පිළිගත් බවද පැවසේ. හිටපු පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී අක්මීමන දයාරත්න හා රුවන්වැලි විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ද මේ විරෝධයට එක්වූහ

උපුටාගැනීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,737 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.