ලංකාවේ ව්යවස්ථාව සංශෝධනය කළ යුත්තේ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මිස ඉන්දීය පාර්ලිමේන්තුවේ නොවේ

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මෙරටට පැමිණ ඇත. අසල්වැසි රටක එවැනි නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ මෙහි ඇති සැබෑ තතු දැනගැනීමට පෙළඹීම පිළිබඳව අපි සතුටු වෙමු. නමුත් ඔවුන් මෙහි පැමිණ කටයුතු කළ යුත්තේ ලංකාව තමන්ට සමාන ස්වෛරී රාජ්යඳයක් බවත්, එහි තීරණ ගැනීම සිදුවන්නේ ජනතා පරමාධිපත්ය්යට අනුව බවත් හොඳින් වටහාගෙනය. ලංකාවේ ආණ්ඩුක්රම ව්ය වස්ථාව හා බලය බෙදීම පිළිබඳව කටයුතු කළ යුත්තේ ලංකා පාර්ලිමේන්තුව මිස ඉන්දීය පාර්ලිමේන්තුව නොවන බවද අපි අවධාරණය කරමු. එමෙන්ම, ලංකාවේ විපක්ෂ නායකවරයාද, හිටපු ජනාධිපතිනියද ඉන්දියාවට ගොස් ලංකාවේ ව්යීවස්ථා සංශෝධනය ගැන කරුණු දැක්වීම ලංකාවේ ස්වෛරීත්වයට කළ අපහාසයක් ලෙසද දකිමු.

ලංකාවට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙමළ සන්ධානයේ මතය හා ලොව පුරා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පතුරුවා ඇති මිත්යාමවන් පසෙකලා උතුරේ දෙමළ ජනයා ගැන පමණක් නොව නැගෙනහිර, බටහිර ආදී ප්රදේශවල ජීවත්වන දෙමළ ජනයා ගැනද අවධානය යොමුකරන ලෙසය. එවිට ඔවුනට වැටහීයනු ඇත්තේ සිංහල ජනයා සමග ලංකා ආණ්ඩුව විසින් ප්රජාතන්තන්තරවාදීව පාලනය කළ ප්රදේශවල ජීවත් වූ දෙමළ ජනයාගේ ජීවන තත්වය ලංකාවේ වෙනත් කිසිම ජන කණ්ඩායමක ජීවන තත්වයට වඩා හොඳින් පවතින බවය. ඔවුන් සෑම ක්‍ෂත්රයකම සමාන අයිතිය ඉහළින් භුක්තිවිඳ ඇති බවය. වන්නියේ හා යාපනයේ දෙමළ ජනයාගේ ජීවිත දශක ගණනක් ආපසු ගෙනගොස් ඇත්තේ ලංකා රජය හෝ සිංහල ජනයා නොව දෙමළ ජාතිවාදය කරපින්නාගත් තමිල්නාඩුවේ ආශිර්වාදය ලබාගෙන තරස්තවාදය කිරියාත්මක කළ එල්.ටී.ටී.ඊ. ය ප්රමුඛ ජාතිවාදී බෙදුම්වාදී තරස්තවාදය බවය.

එමෙන්ම, ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ උතුරු හා නැගෙනහිර ජනවාර්ගික සංහාරයන් නිසා සිංහල හා මුස්ලිම් ජනයා දස දහසකට වඩා මරා දැමුණු බවයි. ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ගම් බිම්වලින් පලවාහැර ඇති බවය. ඔවුන්ට තවමත් නැවත පදිංචි වීමට දෙමළ සන්ධානය බාදා කරන බවය. එමෙන්ම, ලංකාවේ සෙබළුන් 26,000ක් ජීවිත පූජා කළේ ඉන්දියාවේද නිදහස වෙනුවෙන් බව අමතක නොකරන ලෙසද ඉල්ලමු. ඉන්දියාවේ බෙදුම්වාදයන් පවතින කාෂ්මීරය, පන්ජාබය, ඇසෑමය හෝ නාගලන්තය හෝ වෙනත් වාම වාදී තරස්තවාදයන් පවතින පරාන්තවල ජනයාගේ වේදනාවන් අපට වැටහෙන බවද, ලංකාව කිසිවිටෙක එකී ප්රශ්නවලට අත පොවා නැති අතර, ඉන්දියාවේ ස්වෛරීත්වය ගරු කර ඇති බවද දන්වමු. එමෙන්ම ලංකාව තුළදී කිසිදු ඉන්දීය දේශපාලඥයෙකුට හෝ පුද්ගලයින්ට චේතාන්විත හිරිහැර කරදර සිදු නොවූ බවද, ඉන්දීය සෙබළුන් ඝාතනය කළේද, ඉන්දියාවේදී රජීව් ගාන්ධි තුමා ඝාතනය කළේද දෙමළ බෙදුම්වාදීන් බවද පෙන්වාදෙනු කැමැත්තෙමි.

ඔබගේ ප්රතිචාරයද එවැනි ධර්මානුකූල කිරියාවලියක් වනු ඇතැයි අපි පතන්නෙමු. බුදු දහම ආදියෙන්ද, සංස්කෘතික දායාදවලින්ද ඉන්දියාවෙන් අප පෝෂණය වූවාසේම, අපගේ අනන්යීතාවයද පසුගිය වසර දහස් ගණනක් පුරා අප රැකගත් බවද, එය ඉදිරියටද සිදුකරන බවටද නැවත ඔබ වෙත අවධාරණය කරමු.

මාධ්ය නිවේදනය

ඕමල්පේ සෝභිත ස්ථවිර

නායක – ජාතික හෙළ උරුමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,482 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.