ජිනීවා සමුළුවෙන් පාඩම්!

ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව ජය ලබා ඇත. මේ ඡන්දයේදී ඔවුන් ජයග්‍රහණය කළත් ප්‍රශ්නය ජිනීවා සමුළුවෙන් අවසන් නො වේ. කෙසේ හෝ අප ජයග්‍රහණය කිරීමෙන් තොරව එය අවසන් කිරීමට ඉඩ නොදිය යුතු ය. ඒ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ බටහිර යටත්විජිතවාදයට එරෙහි රටවල ශක්‌තිමත් සංවිධානයක්‌ බිහිකිරීමත් එයටත් වඩා අප රටේ ජනතාවගෙන් බහුතරය ඇමරිකාව ප්‍රමුඛ බටහිර යටත්විජිතවාදීන් පරාජය කිරීම සඳහා මානසික තත්ත්වයකට පත්කිරීමත් ය.එහි දී භික්‍ෂුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජනතාවගේ ආධ්‍යාත්මික ශක්‌තිය නැංවීමට කටයුතු කිරීමත් හමුදාවේ සෙබළුන්ගේ ආධ්‍යාත්මික ශක්‌තිය මෙන් ම යුද ශක්‌තියත් වර්ධනය කිරීමට කටයුතු කිරීමත් ය. ලොවෙහි දරුණුම ත්‍රස්‌තවාදී සංවිධානය පරාජය කළ අපේ රණවිරුවන්ට යම් අයුරකින් ඇමරිකානු ආක්‍රමණයක්‌ සිදුවුවහොත් එය ද පරාජය කිරීමට හැකි වනු ඇත. තවත් බෞද්ධ රටක්‌ වූ වියට්‌නාමය විසින් එකල ඇමරිකාව පරාජය කෙරුණු අන්දම අපි සිහිපත් කරමු. මෙහි දී ජනතාව බියකිරීම මගේ අරමුණ නො වේ. එහෙත් ඉදිරි කාලයෙහි දී ආර්ථික සම්බාධකවලට මෙන් ම ආක්‍රමණවලට ද මුහුණ දීමට අද සිට සූදානම් වීම අනියත බියක්‌ නිසා යෝජනා කරන්නක්‌ නොව අප බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයෙහි ඊනියා මානව දයාව කුමක්‌ දැයි දන්නා නිසා කෙරෙන්නකි. ආර්ථික සම්බාධකවලට සූදානම් වීමේ දී වස විස සහිත බටහිර කෘෂ sරසායනයෙන් නිදහස්‌ වීමට ද අප කටයුතු කළ යුතුය. බටහිරෙන් ලැබෙන පොහොර, පළිබෝධ නාශක ආදිය යොදා ගැනීම මගින් එක්‌ පැත්තකින් අප ඔවුන්ගේ ග්‍රහණයට හසුවන බව අමතක නොකළ යුතු ය. විද්‍යාලංකාරයෙන් හා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්‌ත්‍ර පීඨයෙන් එකල රට, දැය, සමයට හිතැතිව කරන ලද අධ්‍යයනවලින් පසුව එවැනි පදනමකින් කෙරුණු එකම පර්යේෂණය යෑයි කිවහැකි විද්‍යා පීඨයේ ආසනික්‌ සම්බන්ධ පරීක්‍ෂණ පැවැත්වීමට දිගට ම අකුල් හෙළුE කණ්‌ඩායමක්‌ අද එම පරීක්‍ෂණ නැවැත්වීම සඳහා පියවර ගනිමින් සිටියි. එමෙන් ම යම්කිසි දිනක බටහිර වෙදකමේ බෙහෙත්වලින් නිදහස්‌ වීමට ද පියවර ගැනීමට සිදුවනු ඇත. නිදහස අවසාන වශයෙන් ලැබෙන්නේ අප බටහිරයන්ගේ දැනුමෙන් නිදහස්‌ වූ දිනක ය. ලංකාවේ ඊනියා යුද්ධාපරාධ සිදු වූ බවට සාක්‍ෂි ඉදිරිපත් කිරීමට ඇමරිකාවට හෝ මේ සියල්ල පිටුපස සිටින එංගලන්තයට හෝ නො හැකි ය. යම්තමින් වුව සාක්‍ෂියක්‌ තිබිණි නම් ඔවුන් මේ වන විටත් අප දඬුකඳේ ගසා ය. සාක්‍ෂි නොමැති බැවින් ඔවුහු චැනල් 4 මගින් ව්‍යාජ වීඩියෝපට නිපදවතිá එක්‌ එක්‌ රට, එක්‌ එක්‌ සංවිධාන, එක්‌ එක්‌ එක්‌ සංසද ඔස්‌සේ ලංකාවට විරුද්ධව යෝජනා සම්මත කරවති. ඊනියා අන්තර්ජාතික ජූරිය මේ කැරොල් කරත්තයට එක්‌ වී ඇති අලුත්ම නඩය වෙයි. ඔවුන් එකතුවීමෙන් පෙන්නුම් කරන්නේ ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ දී කෙසේ ක්‍රියාකරාවිද යන්න ය. මේ අතර බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය විසින් තම ආධිපත්‍යය තහවුරුකිරීම සඳහා හැටේ දශකයෙන් පසුව පිහිටුවනු ලැබූ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ද වෙයි. මෙරට හමුදාවලට එරෙහිව සරත් ෆොන්සේකාගේ ව්‍යාජ සුදුකොඩි කතාව හැරෙන්නට වනත් සාක්‍ෂියක පුළුටක්‌වත් සොයාගැනීමට බැරි බටහිරයෝ සරත් ෆොන්සේකා නිදහස්‌ කරන ලෙස ද බලපෑම් කරති. ජනාධිපතිතුමා ඔහුට සමාවක්‌ දෙන්නේ නම් එසේ කළ යුත්තේ බටහිරයන්ට කිසිදු ආකාරයකින් ඔහු යොදාගැනීමට නොහැකිවන ආකාරයකට ය. සාක්‍ෂි නොමැති බටහිරයෝ අපට එරෙහිව හිතුමතේට කටයුතු කිරීමට මැළිවෙති. එබැවින් ඔවුහු හැකිතාක්‌ දුරට ඊනියා නීත්‍යනුකූලභාවයක්‌ යුද්ධාපරාධිකරණ හා මානව අයිතිවාසිකම් චෝදනාවලට ලබාදීමට උත්සාහ කරති. වීඩියෝපට, රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රකාශ, රායප්පු ජෝසප් බිෂොප්වරයා ඇතුළු ඇතැම් බිෂොප්වරුන්ගේ ප්‍රකාශ, රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප නායකයන්ගේ ද ජවිපෙ, ජනරළ ආදී බටහිරයන්ගේ අතකොළු බවට පත්වී ඇති කසිකබල් මාක්‌ස්‌වාදී පක්‍ෂවල ද ප්‍රකාශ ආදිය ද මේ චෝදනාවලට ඊනියා නීත්‍යනුකූලභාවය ලබාදීම සඳහා යොදා ගැනෙන ව්‍යාජ සාක්‍ෂි වෙයි. බටහිර කතෝලික චින්තනයේ බිහි වූ මාක්‌ස්‌වාදය අවසානයේ දී සේවය කරන්නේ බටහිරට ම බව මේ වන විට පැහැදිලි වී අවසානය. බටහිරයන් කටයුතු කරන්නේ ආණ්‌ඩුවට විරුද්ධව මිස රටට විරුද්ධව නොවේ යෑයි ද එජා පක්‍ෂය බලයේ සිටියේ නම් බටහිරයන් මේ ආකාරයෙන් කටයුතු නොකරන්නේ යෑයි ඒ පක්‍ෂයේ නායකයෝ කියා සිටිති. අද බටහිරයන්ට අවශ්‍ය ඔවුන්ගේ රූකඩ ආණ්‌ඩුවක්‌ එජාප, දෙමළ ජාතික සන්ධානය හා වෙනත් කුඩා පක්‍ෂ මගින් ඇතිකර හැකිනම් සරත් ෆොන්සේකා ජනාධිපති කිරීම ය. එය වත්මන් ආණ්‌ඩු විරෝධී එකකි. එහෙත් එය හුදු ආණ්‌ඩු විරෝධයක්‌ නො වේ. ආණ්‌ඩු විරෝධී ව්‍යාපාර ඇතිකළ හැක්‌කේ හුදෙක්‌ රටවැසියන්ට පමණකි. විජාතිකයන්ගේ ආණ්‌ඩු විරෝධී ව්‍යාපාර රටට ද විරුද්ධ ව්‍යාපාර වෙයි. රටේ මහජනතාවගේ වැඩි කැමැත්තට පිහිටුවන ලද ආණ්‌ඩුවක්‌ විජාතික බලවේග විසින් වෙනස්‌ කර රටටම එපාවූ පක්‍ෂයක්‌ හෝ පක්‍ෂ හෝ බලයට පත්කිරීමට උත්සාහ කෙරෙන්නේ නම් පැහැදිලිව ම එය රටේ බහුතරයට විරුද්ධව යැමකි. ඒ නිසා ම එය රටට විරුද්ධ වූවකි. එජාප නායකයන්ට මෙය නොතේරෙනවා නො වේ. එහෙත් ඇමෙරිකානුවන් හා ඉංගිරිසින් දඟලන්නේ තමන් බලයට පත්කිරීමට බැවින් එජාප නායකයෝ බටහිරයන්ගේ රාෂ්ට්‍ර විරෝධය ආණ්‌ඩු විරෝධයක්‌ ලෙස හුවා දක්‌වති. එංගලන්තය හා ඇමරිකාවට නිදහස්‌ රටවල් ලෙස අවුරුදු හාර පන්සීයකට එහා යන ඉතිහාසයක්‌ නැත. ඔවුන් ඊනියා මානව හිමිකම් යුද්ධාපරාධ ගැන කිසි දිනෙක අව්‍යාජව සිතා නැත. එහෙත් අවුරුදු දෙදහස්‌ තුන්සීයකට පමණ පෙර ගැමුණු මහරජතුමා යුද්ධයෙන් මියගිය අය පිළිබඳ පසුතැවිලි විය. පැරදුණු එළාරට නිසි ගෞරවය ලබා දුන්නේ ය. එතුමාගේ සේනාව අනුරාධපුරයට වැද එය කොල්ල කෑ බවට හෝ එහි සිටි ජනයා සමූල ඝාතනය කළ බවට හෝ සාක්‍ෂි නැත. අද ද අපේ හමුදා අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්ති ය. යුද්ධයෙන් මියගිය අය ගැන පසුතැවිලි වූ බටහිරයෝ කවරහු ද? බටහිරයන්ට ඇත්තේ සමූල ඝාතන හා කොල්ලකෑම් පිළිබඳ ඉතිහාසයකි. අද ද ඇµaගනිස්‌ථානයේ යුද්ධාපරාධ ගැන ඔබාමාට කීමට ඇත්තේ කනගාටුය යන්න පමණකි. එරට ආරක්‍ෂක ලේකම්වරයා පවසන්නේ යුද්ධයක දී එවැනි දේ සිදුවන බව ය. මේ යටත්විජිතවාදීන්ට මානවහිතවාදය අවශ්‍ය තම ආධිපත්‍යය තහවුරු කිරීමට ය. අද බටහිරයන් මූලික වශයෙන් ඉල්ලන්නේ උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස ය. පත් නොකළ යුතුව තිබූ උගත් පාඩම් කොමිසම ප්‍රශ්නයට අවතීර්ණ වී ඇත්තේ මෙරට දෙමළ ජනයාට ප්‍රශ්නයක්‌ ඇත යනුවෙන් කීමෙනි. මේ කොමිසම ඉදිරියේ ඔවුන්ගේ ආරාධනයෙන් මා සාක්‍ෂි දුන් අවස්‌ථාවේ මෙහි ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නැති බව මම තර්කානුකූලව හා සාක්‍ෂි සහිතව පෙන්වා දුන්නෙමි. මගේ සාක්‍ෂියෙන් පසු එක්‌ කොමසාරිස්‌වරයකු පැවසුවේ මගේ ඉදිරිපත් කිරීම තර්කානුකූල වුවත්, ඔවුන්ට (දෙමළ වෙල්ලායන්ට හා ඔවුන් පසුපස සිටින බටහිරයන්ට) යමක්‌ දිය යුතු බව ය. පැහැදිලිව ම බටහිරයන්ගේ අධ්‍යාපනයක්‌ ලැබූ කොමිසමේ මහත්ම මහත්මීන් ඉංගිරිසින් උගන්වා ඇති ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ඇතැයි යන පූර්ව නිගමනයේ පිහිටි බව පැහැදිලි ය. මේ එක්‌ අයකුවත් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේග නියෝජනය කළේ යෑයි කිව නො හැකිය. ඔවුහු අප නැති කල කෝල්බෲක්‌ – කැමරන් ගුරු කුලයේම අය වෙති. ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ඇත්නම් ඒ මෙරට සිංහල ජනතාවට ය. තවමත් මෙරට සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට හා ඔවුන්ගේ සංස්‌කෘතියට හිමි තැන ලැබී නැත. උගත් පාඩම් කොමිසම පත්කළේ මූලික වශයෙන් ම ඊනියා සටන් විරාම ගිවිසුමේ අසාර්ථකත්වයට හේතු සෙවීමට ය. එය අසම්පූර්ණ ය. ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමට හේතු වූ කරුණු, එහි දී බලපෑම් කළ පුද්ගලයන්, සංවිධාන, පූජකවරුන්, රාජ්‍ය ආදිය ගැන ද කොටි සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම්, ඒවාට අනුබල දුන්නවුන්, කොටින්ට සුදුහුණු ගෑවුන් කවුරුන් ද ආදිය ද සෙවිය යුතු ය. තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය යටතට රජයේ සීමිත ස්‌වෛරීභාවයත් පාවාදීමට හේතුවන මත ප්‍රකාශ කිරීමේ අයිතිය ගැනීමට නො හැකි ය. ඉහත සඳහන් කරුණු ද අපේ සීමිත නිදහසට පවා විරුද්ධව කටයුතු කළ අය ගැන ද සෙවීමට තවත් කොමිසමක්‌ පත්කළ යුතු ය. එයට සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගවලින් නියෝජිතයන් ඇතුළත් විය යුතු ය. රජය තමන් පත්කළ කොමිසම්වල සියලු යෝජනා ක්‍රියාත්මක කිරීමට බැඳී නැත. කිසිම විජාතික ජගතකුට රජය අහවල් කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් හෝ අඩ වශයෙන් හෝ ක්‍රියාත්මක කිරීමට බලකළ නො හැකි ය. රජය කළ යුත්තේ ඒ දෙවැනි කොමිසමේ වාර්තාව ද නිකුත් වූ පසු කොමිසම් දෙකේ ම වාර්තා අධ්‍යයනය කර රටට වඩා සුදුසු යෝජනා පමණක්‌ ක්‍රියාත්මක කිරීම ය. යක්‍ෂ, නාග, දේව හා අර්ධ වෛදික භාරතයෙන් පැමිණි කොටස්‌ එක්‌ කර සංහිඳියාවකින් එක්‌ සේසතක්‌ යටතට ගැනීමට අප සමත්වූයේ අවුරුදු දෙදහස්‌ හාරසියයකට පමණ පෙර ය. අපට කල්ලන් හා සුද්දන් අතර සංහිඳියාවක්‌ නැති බටහිරින් පාඩම් අනවශ්‍ය ය.

උපුටාගැනීම  divaina

2 comments on “ජිනීවා සමුළුවෙන් පාඩම්!

  1. Balawegaya on said:

    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක්

    ලබාදීමෙන් සටහන් කොට ඇති නිර්දේශ ස්වල්පයක් පහතින් උපුටා දක්වා ඇත. ක්‍රමක් ක්‍රමයෙන් හිණ වී යන සිංහල අයිතිවාසිකම් සහා බොදු උන්නතිය දෙස බැලීමට කාලය පැමිණ ඇතිබව මෙහිලාම තරයේ ප්‍රකාශ කරමු.

    පහලින් ඇති යොමුවෙන්සම්පුර්ණ පිළිතුර කියවා ගන්න. අදහස් උදහස් ඇත්නම් අප වෙත ලියාදන්වන ලෙස කරුණාවෙන් දැනුම් දෙමු

    A Sinhala Buddhist Reply to the lessons learnt and reconciliation commission (Last Chapter)

    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක්

    පාලිත ආරියරත්න,ප්‍රචාරක ලේකම්, ජාතික බෞද්ධ බලවේගය

    දුරකථනය: 0724848668
    විද්‍යුත් තැපෑල:brllrc@yahoo.com

    ______________

    උතුරු නැගෙනහිර තිබෙන හමුදා මුලස්ථාන දැනට පවතින ස්ථානවලම පවත්වා ගැනීම(පසු බිමට නොයාම )
    සිංහල ජනයා උතුරේ පදිංචි කරවීම
    සිංහල මහා ජනතාවගේ සුදුසු කම් අනුව තම මවු භූමියේම රැකියා කිරීමට වැඩි අවස්ථා ලබාදීම
    මුලික මිනිස් අයිතිවාසිකම් නිත්‍යයානුකුලව නොවිමසා පුරවැසියනට පමණක් ඇති අයිතිවාසිකම් ‘කෙනෙකුට’ ,පිටරටියෙකුට’ ,’තාවකාලික පුරවැසියෙකුට’ , හෝ හොර පදිංචි කරුවෙකුට ලබාදීම විමසා බැලීම
    සිංහලයාගේ උතුරු නැගෙනහිර මුල් පදිංචිය තහාවුරු කිරීම
    යුද්ධය නිමා කරගැනීමට සැමදා දායක වන්නේ (99.9%) සිංහල බොදුනුවන් බැවින් ඔවුන්ව ජාතික,ආගමික,සංස්කෘතිමය හා ආර්ථිකමය වසයෙන් සුරක්ෂිත කොට තම ජාතියේ අභිමානය ආරක්ෂා කරදීමට විශේෂ වැඩපිළිවෙලවල් රජය මගින් දියත් කිරීම හා ඉදිරියේදීත් ලෝකය තුල (රට තුල) යුධයක් පැතිර ගියහොත් නැවත එම යුද්ධය නතර කරගැනීමට ජිවිත පුජා කරන්නේ සිහල බොදුනුවන් බැවින් ස්ථිර වශයෙන්ම ඔවුන්ව ජාතිකව,ආගමිකව,සුරක්ෂිත කොට, පෝෂණය කොට ආරක්ෂා කිරීම
    මුස්ලිම් හා දෙමළ පදිංචිය ලංකාවේ සිදුවූ ආකාරය හදුන්වා දීම, ඔවුන්ව දැනුවත් කිරීම හා ඔවුන්ගේ අයිතිවාසිකම් කෙරෙහි ඇති දැඩි අපේක්ෂාව නිවැරදි නොවන බව හා සිහළ බොදුණුවන්ගේ විස්වාශය හා අනුකම්පාව දිනාගැනීමෙන් ලබාදුන්, ලබාගත්, පදිංචිය නිවැරදි ආකාරයට පාවිචි කරන ලෙස අවධාරණය කිරීම
    ඉංග්‍රීසින් විසින් බලහත් කාරයෙන් (සිංහලයගේ අකමැත්ත තිබියදී ) පදිංචි කරවූ ජනයාටද හොදින්ම සලකන ලෝකයේ තිබෙන එකම රට අපරට පවා හදුන්වා දීම
    විජාතික නොරටුන්ගේ ආගමික, ජාතික,සාශනික හා දේශපාලනමය කටයුතුවලට පවා කාලය, ධනය, ශ්‍රමය,සම්පත්,භුමිය වැයකරන ලෝකයේ තිබෙන එකම රට අපරට බව තරයේ ප්‍රකාශ කිරීම
    ව්‍යස්‌ථාවේන්ම සහතික වන සිහළ බොදු අයිතීන් වඩ වඩාත් සුරක්ෂිත කිරීම ට විදේශක ජනයා ඇතුළුව, අනන්‍යආගමික, අන්‍යය ජාතික මැති සාභා, නිලධාරී මණ්ඩල,සිවිල් මණ්ඩල, පවා කටයුතු කිරීමට පෙලබිය යුතුබව අවධාරණය කිරීම
    මුස්ලිම් හා දෙමළ ජනයාගේ පදිංචිය කළමණා කාරිත්වයක් ලක්කිරීම
    සුළු ජනයාගෙන් නිතිය ට වන බලපෑම් අවම කිරීම
    බලය බෙදා නොදීම හා සක්‍රිය ප්‍රජාතන්ත්‍ර වාදයක් පවත්වා ගැනීම
    එල්.ටී.ටී.ඊ. සමාජිකයන් සියල්ලන්ම නිදහස් කොට නිවහල් නොකිරීම හා බරපතල අපරාධ කරුවන් තවදුරත්,ඉදිරියටත් රැදවියන් වශයෙන් තබාගැනීම
    සමගිය හා එක මුතු බව පවත්වා ගැනීමට(විදේශ වැසියන් හා සිංහල අප අතර) අනිවාර්යෙන්ම තමන්ට අයත් සම්පත් හා බලය කෙරෙහි ඇති මුලික අයිති වාසිකම් සිමා සහිත බව විදේශ වැසියන් හට අවධාරණය කිරීම
    සිංහල භාෂාව පෝෂණය කිරීම,ආරක්ෂා කිරීම හාප්‍රමුකස්ථානයක් ලබාදීම
    බුද්ධ ආගමට ප්‍රමුකස්ථානය ලබාදීම හා අනන්‍ය ලබ්දීන් සමග සමාන නොකිරීම
    ද්විත්ව පාඨ ශාලා වෙනුවට පන්සල් පාඨ ශාලා භිහි කිරීම
    සිංහල බෞද්ධ යාගේ සාමාජිය අවශ තාවයන් සපුරා ලීමේදී භික්ෂුත්වයට පළමු තැන ලබාදීම
    රටේ ආර්ථිකයට හා භුමි ප්‍රමාණයට ගැලපෙන ආගමන විගමන නීතිරීති සකස් කිරීම හා විදේශ වැසියන් මත පටවන බදුමුදල් මගින් රාජ්ජ්‍ය ආදායම වැඩිකර ගැනීම
    තේස වලාමේ නිතිය හා මුස්ලිම් විවාහ නිතිය ප්‍රති සංසෝධනය කිරීම
    ඩයස් පෝරාව යන වචනය කොමිසම විසින් දුන් සමහර නිර්නායකයන් තුල ඇතුලත් වී ඇති බැවින් හා නැති දෙමළ රාජ්ජ්‍ය සංකල්පයක් තිබු හෝ ඇති ආකාරයෙන් ‘ඩයස්පෝරාව’ යන වචනය තුලින් මතුවීම තුලින් එය නිවැරදි සහගත නොවන නිසා කොමිසමේ සියලුම අංග හා නිර්ණායකයන් නිවැරදි නොවන බව ප්‍රකශ කිරීම

    Click: http://brllrc.wordpress.com/

  2. Balawegaya on said:

    http://brllrc.wordpress.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

8,727 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.