සිංහරාජය වටා පිහිටි අනාරක්ෂිත වනාන්තර කඩිනමින් පවරා ගන්න

යටත් විජිත යුගය තුළ ආර්ථික බෝග වශයෙන් කෝපි, තේ, රබර්, එනසාල් වැනි වාණිජ බෝග වගා කිරීම සඳහා තෙත් කලාපීය වනාන්තර අති බහුතරයක් එළි පෙහෙළි කිරීමේ ප්රතිඵලයක් ලෙස හා පසු කාලීනව සීග්ර ජනාවාස ව්‍යාප්ත කිරීමේ ප්රතිඵලයක් ලෙස තෙත් කලාපයේ දැනට කුට්ටිකරණය නොවූ විශාල වනාන්තර ඉතිරි වී ඇත්තේ ඉතා අල්පයකි.එහි ප්රතිඵලයක් ලෙස අද වන විට ලංකාවේ මුළු භූමි ප්රමාණයෙන් තෙත් වනාන්තරවලින් වැසී ඇත්තේ 2.14h ක ඉතාම සුළු බිම් ප්රමාණයක් පමණකි. එය වර්ග කිලෝමීටර් 1415 ක් තරම් කුඩා බිම් කඩකට සීමා වී ඇත. එසේ වුව ද ලංකාවේ ජීවීන් ගෙන් අති බහුතරයක ගේ නිවහන වන්නේ තෙත් කලාපය යි. එහෙත් තෙත් වනාන්තර ලෙස පවතින බිම් ප්රමාණයෙන් ආරක්ෂිත ප්රදේශ බවට වර්තමානයවන විට පත් කර ඇත්තේ 68‍h ක භූමියකි. ඉතිරි තෙත් වනාන්තර සියල්ල ම ඉඩම් ප්රතිසංස්කරණ කොම්ෂන් සභාව සතුව හෝ පෞද්ගලික හිමිකරුවන් සතුව හෝ වැවිලි සංස්ථාව සතුව හෝ පවතී. මේ වනාන්තර ඉඩම්, ඉඩම් නියමානුකූල කිරීමේ ක්රමවේදය යටතේ ආරක්ෂා කිරීම හෝ වන සත්ත්ව හා වෘක්ෂලතා
ආරක්ෂක ආඥා පනත යටතේ අභය භූමි වබට පත් කර හෝ ආරක්ෂා කිරීම ඉතා ම වැදගත් වේ.
එසේ තිබිය දී සිංහරාජය වැනි මහා වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීමට ද රටක් වශයෙන් අපට නොහැකි වී ඇත. 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරණ ගැසට් නිවේදනය මගින් සිංහරාජ අඩවියේ හෙක්ටයාර 11187 ක භූමි ප‍්‍රමාණයක් 1988 අංක 4 දරණ ජාතික උරුම වන භූමි පනතට අනුව ජාතික උරුම වන භූමියක් ලෙස ප්රකාශයට පත් කෙරුන ද වසර 22 ක් ඉක්ම ගොස් ඇතත් ඒ වටා ඇති ඉතිරි වනාන්තර සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට ඈදීමට අද වන විටත් නොහැකි වී ඇත. එහෙත් ඒ සඳහා වරින් වර රුපියල් මිලියන ගණන් වැය කරමින් සැලසුම් පමණක් සකස් කරති. එසේ සැකසූ සැලසුම් අතුරින් 2004 වසරේ දී ජනාධිපති කාර්යය සාදක බලකාය විසින් සැකසූ සැලසුම රටේ
අනාගතය ගැන සිතා ගත් ඉතා හොද තීරණයකි. එම සැලසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප්රමාණය ඇතුළත පිහිටි සියළුම ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප්රතිසංස්කරණ නීතියේ 22 :1 ඊ සහ 44 :එ වගන්ති ප්රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දේශ ලබා දෙන ලෙෂ ය. ඒ සඳහා නිර්දේශ ලැබුණමුත් ඊට අදාළ ලිපි ගොණු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ
වසර හතක කාලයක් තිස්සේ ගොඩ ගසා තිබේ. මේ කැබිනට් පත්රිකාව අනුව හෙක්ටයාර 2508.4 ක නොයිඳුල් වනාන්තර ඉඩම් ප්රමාණයක් සිංහරාජයට අළුතින් එක් කිරීමට නියමිත ව තිබේ. නමුත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ කිරියාවලිය සීමා වී ඇත.

මේ අතරතුර ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පී. පුංචිහේවා මහතා විසින් 2011 ජුනි මස 02 වන දින අංක 15/4/22/ඇඹි/පොදු දරන ලිපිය මගින් වන සංරක්ෂණ ජෙනරාල් වරයා වෙත දැනුම් දී ඇත්තේ, පවරා ගැනීමට යෝජිතව ඇති ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වනාන්තර සිංහරාජ අඩවිය සංරක්ෂණය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගන්නා ලෙසය. තව ද ඒ සඳහා ඉඩම් අත්පත් වන්දිය වෙනුවෙන් මේ කොමිෂන් සභාව හිමිකම් ඉදිරිපත් කරන බව ද ඒ ලිපියේ වැඩි දුරටත් දක්වා තිබේ. සිංහරාජයේ ඇති වටිනාකම සඳහන් කරමින් ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තමන් සතු වනාන්තර බිම් සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පැවරීම සඳහා අත්පත් කිරීමේ වන්දි ඉල්ලා සිටීම කණගාටුවට කරුණකි. මේ සැරසෙන්නේ වෙළෙදාමක් කිරීමට ද නැතහොත් අප රට සතු මහාර්ඝ සම්පතක් සුරැකීමට ද යන්න ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව තේරුම් ගත යුතු ය.
සිංහරාජ අඩවියේ ඉළුබකන්ද සිට සූරියකන්ද දක්වා සැකැසීම ඇරැඹූ මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් සිදු වූ හානි වාර්තා කිරීමට පත් කළ කමිටු වාර්තාවේ ද පසුගියදා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරින නිර්දේශ යටතේ විශේෂයෙන් සඳහන් කර ඇත්තේ පවරා ගැනීමට යෝජිතව ඇති ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වනාන්තර ඉඩම් කඩිනමින් සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පැවරීම සිදු කළ යුතු බව ය. එසේ තිබියදීත් මේවන තුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යංශය ඊට අදාළ ක්රියාමාර්ග කඩිනමින් ගන්නා බවක් පෙනෙන්නට නැත. මේ නිසා සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය
වටා පිහිටි අනාරක්ෂිත වනාන්තර බිම් කඩිනමින් විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදා ගනිමින් තිබේ. මෙය කිසිදු අයුරකින් පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇත.
මේ නිසා එම වනාන්තර කඩිනමින් සිංහරාජයට ඈදීම පමණක් නොව සිංහරාජය වටා පිහිටි අනෙක් සුවිශේෂී වනාන්තර සඳහා නිසි නීතිමය රැකවරණය ලබා දී සිංහරාජය හා සම්බන්ධ කිරීමට සැලසුම් සකස් කිරීම ද කඩිනමින් සිදු කළ යුතු ය. මොරපිටිය – රූනකන්ද යෝජිත රක්ෂිතය, දෙල්ගොඩ යෝජිත රක්ෂිතය, පනාගල යෝජිත රක්ෂිතය, වරතැල්ගොඩ යෝජිත රක්ෂිතය හා තිබ්බොටුවාව යෝජිත රක්ෂිතය යන වනාන්තර පහක් සිංහරාජය හා සම්බන්ධව පවතී. ජෛව විවිධත්වයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා මේ යෝජිත රක්ෂිත සියල්ලම සිංහරාජයට සම්බන්ධ කර සමස්ත සිංහරාජ අඩවිය ම ආරක්ෂිත ප්රදේශයක් බවට පත් කළ යුතුය. එසේ නොවනතාක් කල් සිංහරාජයේ ජෛව ප්රජාවගේ රැකවරණය තහවුරු කළ නොහැකි වනු ඇත.
ඉහත සංරක්ෂණ ක්රියාමාර්ගවලට පිවිසීමෙන් අනතුරුව සිංහරාජ අඩවිය වටා සැතපුමක හෝ කිලෝමීටරයක පමණ ප්රේරක කලාපයක් පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස ජාතික පාරිසරික පනතට අනුව ප්රකාශයට පත් කළ යුතුය. අධික ජීවී විවිධත්වයක් සාන්දරගත වී අති, ලංකාවට ආවේණික දුර්ලභ ජීවීන් අති බහුතරයක් ජීවත් වන සිංහරාජ අඩවිය වටා මෙවන් ප්රේරක කලාපයක් ස්ථාපිත නොකළහොත් ඒ වටා සිදු වන අවිධිමත් සංවර්ධන ක්රියාමාර්ග හේතුවෙන් සිංහරාජයේ අති දුර්ලභ ජෛව ප්රජාවට බලපෑම් එල්ල වීම පාලනය කළ නොහැකිය. ඒ සඳහා නිවැරදි ප්රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පරිසර අමාත්‍යංශය කඩිනමින් යොමු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය මායිමේ පිහිටි ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් පවරා ගැනීමට යෝජිත වනාන්තර බිම් ප්රමාණය රත්නපුර දිස්තිරික්කය
මුරකැළේ වත්ත – 50.4  h/ ෆැබ් වත්ත – 181.3  h/ ඉළුබකන්ද වත්ත – 567  h මෝර්නිග්සයිඞ් වත්ත – 55.4 h /කැන්ටර් වත්ත – 130  h ගේස් වත්ත – 137.5  h /ගොන්හෙළ වත්ත – 137.9  h /ඇබරොස් වත්ත – 35.4 h / බැක්වෙයා වත්ත – 109.9  h / කෝදුරුගල වත්ත – 99  h / දඹහේන වත්ත – 8.6  h / මාතර දිස්තිරික්කය
එන්සල් වත්ත – 436  h / කුරුලග වත්ත – 188  h / බෙවර්ලි වත්ත – 28  h / හේමගිරි වත්ත – 40  h / ගාල්ල දිස්තිරික්කය හෝමදොළ වත්ත – 304  h

සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

15,747 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.