ලොව දරුණුතම ආක්රමණික ශාකයක් වන බූ බෝවිටියා ශාකය ලංකාවේ තෙත් කලාපය ආක්රමණය කරයි

දේශීය බෝවිටියා ශාකවල හැඩරුවට සමාන තෙත් කලාපය පුරා සිය ආධිපත්‍යය පතුරුවන පිටරටින් පැමිණි එක්තරා ආක්රමණික ශාකයක් වෙයි. කට කළු බෝවිටියා, රබර් බෝවිටියා, මී හරක් බෝවිටියා, නයිලෝන් බෝවිටියා, කාක් බෝවිටියා, බූ බෝවිටියා යනාදි නම් රැසකින් හැඳින්වෙමින් තෙත් කලාපය පුරා අණසක පතුරවන මේ ශාකය ලොව දරුණුතම ආක්රමණික ජීවී විශේෂ සියය අතර වෙති. වර්ෂ 1894 දී පමණ ලංකාවට හඳුන්වා දී ඇති මේ කට කළු බෝවිටියා ශාකය දකුණු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් නිජබිම කර ගත් ශාකයකි.මේ ශාකය කුමන හේතුවක් නිසා ලංකාවට හදුන්වා දී ඇත් දැ යි සඳහන් වී නොමැති මුත්, විසිතුරු පැළෑටියක් ලෙස මෙරටට ගෙන එන්නට ඇතැ යි විශ්වාස කැරේ. අද වන විට මේ ශාකය තෙත් කලාපය පුරා කෙතරම් ව්‍යාප්ත වී ඇත් දැ යි සඳහන් කිරීමට ඒ සඳහා භාවිත වන විවිධ වූ නම් ප්රමාණය සාක්ෂ්‍ය දරයි.

කට කළු බෝවිටියා ශාකය මෙලස්ටොමටාසියේ (Melastomataceae)  කුලයට අයත් වන අතර උද්භිද විද්‍යාත්මක ව ක්ලිඬේමියා හර්ටා (Clidemia hirta)යන නාමයෙන් හැදින් වේ. ඉංගිරීසි බසින් මේ ශාකය බහුල ව හඳුන් වන්නේ Koster’s Curse යන නමිනි. බොහෝ නිවර්තන රටවල ආගන්තුක ආක්රමණික ශාකයක් ලෙස මෙය ව්‍යාප්ත ව තිබේ.  ඕස්ටේරේලියාව, දකුණු හා නැගෙනහිර ආසියාව, නැගෙනහිර අප්රිකාව ඇතුළු රටවල මේ ශාකය අද වන විට ආක්රමණික ශාකයක් ලෙස ව්‍යාප්ත ව තිබේ. මීට අමතර ව පැසිපික් හා ඉන්දියන් සාගරයේ බොහෝ දූපත්වල මෙය ආක්රමණිකයකු ලෙස ව්‍යාප්ත ව ඇත. කඳන් සහිත පදුරු ස්වභාවයක් ගන්නා ශාකයක් වන මෙය අඩි 5 ක් 6 ක් පමණ උසින් වැඩෙන අතර, තෙත් වනාන්තරවල පදුරු ස්තරය ආක්රමණය කරමින් පැතිර යයි. මේ ශාකය හඳුනා ගැනීමට හොඳ ම ලක්ෂණ වන්නේ ශාකය පුරා බූවක් දක්නට ලැබීම යි. පත්ර උඩු හා යටි පැත්ත, පත්ර වෘත්තය, ශාක කඳ, කුඩා ඵලය හා පුෂ්ප ග්රාහකය යන සියලූ ම ස්ථානවල සිහින්, කෙටි, දුඹුරු පැහැති කෙදිවලින් සමන්විත බූව දක්නට ලැබේ. මේ ශාකය, ඉලිප්සාකාර හැඩැති තරමක් විශාල පත්රදරන අතර, පත්රය අගින් උල් වී ඇත. වටකුරු පත්ර පාදයෙන් ඇරැඹී පත්රතලය ඔස්සේ විහිදෙන නාරටි 05 කි. ඒ නාරටි හරස් අතට විහිදුණු ශාඛා නාරටි රාශියකින් එකිනෙකට සම්බන්ධ වී ඇත. දිලිසෙන සුළු ස්වභාවයක් ඇති ලා කොළ පැහැ ශාකපත්රයේ උඩු පැත්ත පිම්බුණු නැතහොත් ඉලිප්පුණු ස්වභාවයක් ගනී. ඊට හේතුව ශාඛා නාරටි දෙපසින් පත්රතලය ඉහළට එස වී පැවැතීම යි. පත්ර කඳට සවි වන ස්ථානයෙන් කුඩා මල් හට ගන්නා අතරල එවා පොකුරක් ලෙස දැක්ක හැකි ය. අධර ඩිම්බකෝෂයක් සහිත අපිජායාංගී පුෂ්පයේ සුදු පැහැ කුඩා මල් පෙති 05 ක් පිහිටයි. පුෂ්පයේ මැද පොකුරක් ලෙස ඉදිරියට යොමු වී ඇති දිගු සුදු පැහැ රේණු 08 කි. මේ ශාකයේ වසර පුරා ම මල් දැක ගත හැකි අතර, මල් පරාගණයෙන් හටගන්නා කුඩා ඵලය වටකුරු ස්වභාවයක් ගනී. ඉදුණු පසු කළු දම් පැහැ මෘදු මාංසල ඵලය තුළ ඉතා කුඩා කහ දුඹුරු පැහැ බීජ සියයක් පමණ දක්නට ලැබේ. මේ ශාකයේ ප්රචාරණය ආකාර තුනකින් සිදු වේ. එනම් බීජ මඟින් හා වර්ධක ප්රචාරණ ආකාර දෙකක් මඟිනි. කුඩා මාංසල ඵලය, පක්ෂීන් බොහොමයක ගේ ආහාර වන අතර, ඒ තුළ ඇති බීජ ව්‍යාප්ත කිරීමට මොවුහු දායක වෙති. පහතරට තෙත්කලාපීය වනාන්තර ප්රදේශවල මේ බීජ ව්‍යාප්ත කිරීමට උදවු වන පක්ෂි විශේෂ නම් කහකොණ්ඩයා (Yellow – browed Bulbul)ල බැම සුදු කොණ්ඩයා (White – browed Bulbul) හා ලංකාවට ආවේණික හිස කළු කොණ්ඩයා (Black – capped Bulbul) ය. කඳුකර වනාන්තරයන්හි ලංකාවට ආවේණික පක්ෂීන් වන, ගුරු කොණ්ඩයා (Yellow – eared Bulbul)හා ලෙග් ගේ පිළිල ගෙඩි සූටික්කා (Legge’s Flowerpecker) මේ බීජ ව්‍යාප්තියට දායක වේ. මේ සෑම කලාපයක දී ම බීජ ව්‍යාප්තියට දායක වන ප්රධාන පක්ෂියා පිළිල ගෙඩි සූටික්කා (Small Flower pecker) ය. කළු කොණ්ඩයා (Black Bulbul) ලංකාවට ආවේණික පක්ෂීන් වන කැහිබෙල්ලා (Blue Magpie)හා ලෙග් ගේ පිළිල ගෙඩි සූටික්කා ඉහළ ස්තරයේ ජීවත් වන පක්ෂීන් වුව ද පහළ ස්තරයට පැමිණ මේ ශාකයේ ගෙඩි ආහාරයට ගැනීමට රුචියක් දක්වන බව නිරීක්ෂණය කර තිබේ. ඉහත පක්ෂි විශේෂ මේ ශාක ඵල ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන නිසා එහි බීජ, පක්ෂීන් ගේ වසුරු මඟින් තෙත් වනාන්තර පුරා ම සීග්රයෙන් ව්‍යාප්ත වේ. එහි හානිකර තත්ත්වය මේ ආක්රමණික ශාක තෙත් කලාපයේ සීග්ර ලෙස පැතිරීම පමණක් ම නො වේ. දේශීය ශාකවල බීජ ව්‍යාප්තිය ද මේ නිසා දුර්වල වේ. ඊට හේතුව ඉහළ ස්තරයේ සිට පහළ ස්තර දක්වා වෙසෙන පක්ෂීන් වැඩි වශයෙන් කට කළු බෝවිටියා ශාකයේ ඵල ආහාරයට ගැනීම නිසා ඒ ස්තරවල දේශීය ශාකවල බීජ ව්‍යාප්ත කිරීමට පක්ෂීන් ගේ උපකාරය නො ලැබී යයි. එය දේශීය ශාකවල ව්‍යාප්තියට හානි කර ලෙස බලපායි. කට කළු බෝවිටියා ශාකය තෙත් කලාපය පුරා ව්‍යාප්ත වීමේ තවත් හානිකර පැතිකඩක් ලෙස මෙය පෙන්වා දිය හැකි ය. කට කළු බෝවිටියා ශාකය එක් ස්ථානයක වැඩි ක්ෂේතර ඵලයක සීග්රයෙන් ව්‍යාප්ත වීමට වර්ධක ප්රචාරණ ආකාර දෙකක් වැදගත් වේ. තෙත් ස්වභාවය වැඩි කොළ රොඩුවලින් ගහන පරිසරයන්හි දී මතු පිට පස් තට්ටුව ඔස්සේ ගමන් කරන මේ ශාකයේ මුල්වල සමහර ස්ථානවලින් අංකුර හටගෙන ශාකයක් බවට වර්ධනය වීමේ හැකියාව පවතී. ඊට අමතර ව හොඳින් වර්ධනය වන ශාකයේ පහතට නැවෙන අතු පොළොවේ ගැටුණු විට පුරුක්වලින් මුල් හටගෙන නව ශාකයක් ලෙස වර්ධනය වේ. මේ ක්රියාවලීන් නිසා ඉහත දැක් වූ පරිදි එක් ප්රදේශයක සීග්රයෙන් අණසක පැතිරවීමේ හැකියාවක් මේ ශාකයට ඇත. මේ ශාකයේ වර්ධක ප්රචාරණ ආකාර දෙක හොඳින් සිදු වීමටත්, සරු ආක්රමණික ශාකයක් බවට පත් වීමටත්, බාහිර සාධක කිහිපයක් අවශ්‍ය වේ. සෙවණ සහිත බව හා තෙත් ස්වභාවය වැඩි කොළ රොඩු සහිත පස ඒ බාහිර සාධකයන් ය. මේ සාධක ඇති අවස්ථාවන්හි දී ශාකය අඩි 6 – 7 ක් පමණ උසට වැඩෙන අතර, ශාක පත්ර ඉතා පුළුල් ව ඝන ආවරණයක් සහිත පඳුරක් ලෙස වර්ධනය වේ. සූර්යාලෝකය හොඳින් ලැබෙන තෙත් ස්වභාවය අඩු පරිසර තත්ත්ව යටතේ දී එනම් ශාකයේ සරු වර්ධනයට අවශ්‍ය බාහිර සාධක නොලැබෙන අවස්ථාවන්හි දී ශාකයේ විශේෂ අනුවර්තන දැකගත හැකි ය. මෙවැනි පරිසර තත්ත්ව යටතේ දී අඩි 2 – 3 ක් පමණ උසට කුඩා පදුරක් ලෙස වැඩෙන අතර, ශාක පත්ර කහ පැහැයක් ගන්නා නිසරු ශාකයක් ලෙස දැකගත හැකි ය. මීට අමතර ව මූල පද්ධතිය පසේ ගැඹුරට විහිදේ. නිසරු ශාකයක් ලෙස වර්ධනය පෙන්නුම් කළ ද, මල් හා ඵල හට ගැනීමේ වෙනසක් දක්නට නොලැබේ. මේ ලක්ෂණ දරන ශාක ගල්පර අතර ද කොටන් මත ද වැඞී තිබෙන අවස්ථා සුලභ ව දැකගත හැකි ය. අප විසින් එක්රැස් කරන ලද දත්තවලට අනුව මේ ශාකය තෙත් කලාපයට අයත් වනාන්තරවල හා ඒ ආශ්රිත ප්රදේශවල දැඩි ආක්රමණිකයකු ලෙස ව්‍යාප්ත වී ඇති බව පෙනී ගොස් තිබේ. එපමණක් නො ව රබර් වතුවල යටිවගාවක් ලෙසත් (මේ නිසා රබර් බෝවිටියා ලෙස ද සමහර ප්රදේශවල හැඳින්වේ.) පහත රට ප්රදේශවල පයිනස් වගාව ආශ්රිත ව යටිවගාවක් ලෙසත් ව්‍යාප්ත වී තිබෙනු දක්නට ලැබී තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්තිරික්ක 10 ට අයත් ප්රදේශවල මේ ශාකය ව්‍යාප්ත වී ඇති බව දැනට සිදු කර ඇති අධ්‍යයනයන්හි දී පෙනී ගොස් ඇත. සිංහරාජ අඩවිය හා පාද අඩවිය කට කළු බෝවිටියා ශාකයේ සරු ව්‍යාප්තිය දක්නට ලැබෙන ප්රදේශවලට හොඳ ම උදාහරණය යි. ශීරි පාද අඩවියේ එරත්න මාර්ගය ඔස්සේ සමණොළ කන්ද දෙසට ගමන් කරන විට වර්ණගල අම්බලම සීමාවෙන් ඉහළට සීත ගඟුල දක්වා මාර්ගය දෙපස ඉතා ඝන වැස්මක් ලෙස මේ ශාකය ව්‍යාප්ත ව ඇත. මීට අමතර ව බටදොඹලෙන වනාන්තරය (කුරුවිට), දොඹගස්කන්ද වනාන්තරය, ඇදුරාගල කන්ද (හොරණ), මඩකඩ මූකලාන (ඉංගිරිය), ලබුගම – කලටුවාව රක්ෂිතය, කිතුල්ගල (කැලණි වැලි රක්ෂිතය), ගිලිමලේ රක්ෂිය, මොරපිටිය – රූණකන්ද රක්ෂිතය, දෙල්ලව වන රක්ෂිතය හා කන්නෙලිය වන රක්ෂිතය යන තෙත් වර්ෂා වනාන්තරවල මේ ශාකය ව්‍යාප්ත ව ඇත. දුම්බර අඩවිය හෙවත් නකල්ස් වනාන්තරයේ අට්ටලමෙට්ටුව ප්රදේශයේ වනාන්තරය තුළ පිහිටි බොහෝ අතුරු මාර්ග දෙපස ඝන ඇතිරිල්ලක් ලෙස මේ ශාකය ව්‍යාප්ත ව තිබේ. අප ගේ නිරීක්ෂණ මඟින් තහවුරු වී ඇත්තේ තෙත් වනාන්තර ඇසුරේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා සකස් කරන වන මං ඔස්සේ කට කළු බෝවිටියා ශාකය ඒ තුළට බහුල ව ව්‍යාප්ත වන බව යි.

ලංකාවේ සියලූ ම තෙත් වනාන්තර තුළ සෑම වන මඟක් ඔස්සේ ම කට කළු බෝවිටියා ශාකය ව්‍යාප්ත ව තිබෙනු දැක ගත හැකි ය. එපමණක් නො ව තෙත් වනාන්තර තුළ ඉදි කැරෙන කුඩා ජලවිදුලි බලාගාර සඳහා එළි පෙහෙළි කැරෙන බොහෝ ප්රදේශවල මේ ශාකය දරුණු ලෙස වනාන්තරය තුළට ව්‍යාප්ත ව තිබෙනු දැකගත හැකි ය. මේ ශාකයේ සරු ව්‍යාප්තිය දැකගත හැකි ප්රදේශවල යටිවගාවේ කිසිදු ශාකයක් දැකගත නො හැකි ය. ඊට හේතුව ඝනව වැඩෙන කට කළු බෝවිටියා ස්තරයෙන් පහළට සූර්යාලෝකය ගමන් නොකිරීම නිසා යටිවගාවේ ශාක මිය යෑම හෝ වැඞීම දුර්වල වීම යි. තෙත් වනාන්තරවල භෞමික ස්තරයේ වැඩෙන පාසි ශාක, තලස ශාක, මීවන ශාක හා භෞමික උඩවැඩියා ශාක කට කළු බෝවිටියා ශාකයේ ඝන ව්‍යාප්තිය නිසා වැනසී යයි. කට කළු බෝවිටියා ශාකය ව්‍යාප්ත වී ඇති තෙත් වනාන්තර අතුරෙන් ශීරී පාද අඩවිය අභය භූමිය හා සමණොළ අඩවිය ස්වභාව රක්ෂිතය (වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ය) හැර අනෙක් බොහෝ වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ. මේ ශාකය පාලනය කිරීමේ ප්රධාන වගකීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වන බව පැහැදිලි කරුණකි. එබැවින් ඔවුන් මේ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කිරීම අද වන විට අත්‍යවශ්‍ය තත්ත්වයට පත් ව තිබේ. ස්වාභාවික හා අර්ධ ස්වභාවික පරිසර පද්ධතීන්හි ස්ථිර වී, දේශීය ශාක විවිධත්වයට හානි පමුණුවන කට කළු බෝවිටියා ශාකය වල්නාශක හෝ යන්තර සූත්තර භාවිතයෙන් තොර ව පහසුවෙන් විනාශ කළ හැකි ය. මතු පිට පස් තට්ටුව ඔස්සේ මුල් විහිදී ඇති ශාක පහසුවෙන් අතින් ගලවා ඉවත් කළ හැකි ය. මෙවැනි එක් පඳුරක් ගලවන විට, අවට ඇති පඳුරු රාශියක් මුල් මඟින් ගැලැවී යයි. එබැවින් මේ ශාක ඉවත් කිරීම පහසු වේ. එහෙත් ගැඹුරට මුල් විහිදී ඇති ශාක ගලවා දැමීම ගල් ඉන්නක් වැනි ආයුධයක් භාවිතයෙන් කළ හැකි ය. මෙසේ ගලවන ලද ශාක පොළොවේ නොගැටෙන පරිදි හොඳින් වියැළීමට හැරීමෙන් හෝ පුළුස්සා දැමීමෙන් විනාශ කළ හැකි ය. ගැලැවූ ශාක පොළොව හා ගැටීමට තැබීම හෝ පසට යට කිරීම නො කළ යුතු ය. ඊට හේතුව මෙවැනි අවස්ථාවල දී ශාකය වර්ධනය වීමේ හැකියාව තිබීම යි. තව ද මේ ශාකයේ මුල්ල පොළොව යට ඉතිරි වන සේ ශාක කපා දැමීමෙන් විනාශ කළ නො හැකි අතර, ටික දිනකින් ශාකය නැවත වර්ධනය වීම සිදු වේ. එබැවින් කට කළු බෝවිටියා ශාකය විනාශ කර දැමීමට ඇති හොඳ ම ක්රමය ශාකය මුලිනුපුටා දැමීම යි.

සජීව චාමිකර – පරිසර සංරක්ෂණ භාරය

One comment on “ලොව දරුණුතම ආක්රමණික ශාකයක් වන බූ බෝවිටියා ශාකය ලංකාවේ තෙත් කලාපය ආක්රමණය කරයි

  1. kusum sajeewa on said:

    පරිසරය ගැන උනන්දුවක් දැක්වීම ගැන වගේම මෙවන් පර්යේශණාත්මක ලිපි මගින් දැනුවත්කිරීම ඇත්තෙන්ම අගේ කලයුතුයි…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

12,317 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.