මන්නාරම, යෝධ වැව අභය භූමියේ අක්කර 75 ක වනාන්තරයක්,වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයෙන් එළි පෙහෙළි කෙරේ

මන්නාරම දිස්තිරික්කයේ මාන්තේ බටහිර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි යෝධ වැව අභය භූමියේ වනාන්තර අක්කර 75 ක් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය යටතේ ක්රියාත්මක ව්‍යාපෘතියකින් අනවසරින් එළි පෙහෙළි කර තිබේ. යෝධ වැවේ පිටවාන ප්රතිසංස්කරණ කටයුතු සඳහා අවසර ලබා ගෙන වැවෙහි වැව් තාවුල්ලේ කිලෝමීටර 1.5 ක් දිග හා කිලෝමීටර භාගයක් පමණ පළල වනාන්තර තීරයක් එළි පෙහෙළි කර තිබේ. මෙය සිදු කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මුරුන්කන් හි වාරිමාර්ග ඉංජිනේරු එස්.එම්.ඒ. නෙළුගොල්ල මහතා ගේ අධීක්ෂණය යටතේ ය. මේ අනවසර වනාන්තර එළි කිරීමට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්නාරම මහේස්තරාත් අධිකරණයේ නඩු අංක AR173 යටතේ එස්.එම්.ඒ. නෙළුගොල්ල වාරිමාර්ග ඉංජිනේරුවරයා
වග උත්තරකරුවන් කර නඩුකරයක් ගොණු කර තිබේ. නමුත් මේ ක්රියාව සිදු කළේ ”උතුරු වසන්තය” ක්රියාවට නංවන ඇමතිවරයකු ගේ උවමනාවට බවත්, තමා ඒ හේතුවෙන් මේ නඩුවට වග උත්තර බැඳීමට උසාවි නොඑන බවත් පවසමින් අදාළ ඉංජිනේරුවරයා මේ හානිකර හා නීති විරෝධී කිරියාවෙන් මග හැරීමට උත්සාහ දරයි. මේ වනාන්තරය එළි පෙහෙළි කිරීම සිදු කර ඇත්තේ අදාළ අමාත්‍යවරයා ගේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා බව වැඩිදුරටත් දැනගන්නට ලැබී තිබේ.
යෝධ වැව අභය භූමිය යනු 1954.09.24 දින වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව හෙක්ටයාර 4330 කින් යුත් ප‍්‍රදේශයක් ලෙස ප්රකාශයට පත් කළ ඉතා ම සුවිශේෂී වනජීවී වාසස්ථානයකි.යෝධ වැවේ ජලයෙන් සහල්නැලිය ඇතුළු විශාල ප්රදේශයක වී ගොවිතැන සිදු කරයි. මීට අමතර ව යෝධ වැව අභය භූමිය අලි – ඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයක් ද වේ.
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 7ඇ වගන්තිය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් රාජ්‍ය ආයතනයක් විසින් ම අභය භූමියක් තුළ මෙවන් වනාන්තර එළි කිරීමක් සිදු කිරීම වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්රකාශිත 1995 පෙබරවාරි 23 දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ක්රියාකාරකමක් සිදු කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් ඇගයීම් ක්රියාවලියට
යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ නීතිමය ප්රතිපාදනය ද උල්ලංඝනය කරමින් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය කටයුතු කිරීම අප දැඩි ලෙස හෙළා දකිමු. මේ අමාත්‍යංශය විසින් එළි පෙහෙළි කර ඇත්තේ යෝධ වැවේ ජල පෝෂක වැව් තාවුල්ලයි. ඊසානදිග මෝසම සක්රීය වෙමින් පවතින මේ කාල වකවානුවේ දී මේ වනාන්තර එළි කර ඇති භූමිය, වැසි ජලයට සේදී ගොස් යෝධ වැව රොන් මඩින් පිරී යනු ඇත. මෙවන් ආඥාන කිරියාමාර්ග ගැනීමට දේශපාලන බලපෑම් මත වාරිමාර්ග ඉංජිනේරුවරයා ක්රියාත්මක වීමෙන් පෙනී යන්නේ අද අප රටේ ස්වාභාවික සම්පත්වල පැවැත්මට ඇති හානිකර බලපෑමේ සැබෑ ස්වරූපයයි. මේ අඥාන ක්රියාමාර්ගය හේතුවෙන්
ඉදිරියේ දී සහල්නැලිය ආශ්රිත ගොවි ජනතාවට වාරි ජල සුරක්ෂිතතාවය පිළිබඳ ව ගැටලූ මතු විය හැකි ය. මේ හානිකර ක්රියාව හේතුවෙන් යෝධ වැවේ අධික ව රොන් මඩ තැන්පත් වී සිදු වූ බලපෑම් හානිපූර්ණය කිරීමට තවත් විශාල ධනස්කන්ධයක් වියදම් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සිදු වනු ඇත. ඒ පිළිබඳ ව මේ අඥාන නිලධාරීන් හා දේශපාලකයින් නොසිතීම කණගාටුවට කරුණකි. අලි – ඇතුන් ගේ නිජබිමක් වන යෝධ වැව අභය භූමියේ මේ හානිකර වනාන්තර එළි කිරීම වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසත් දැනට සිදු කළ හානිවලට එරෙහි ව කඩිනමින් නීති ක්රියාත්මක කරන ලෙසත් අප ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමන් ගෙන් ඉල්ලා සිටින අතර, වනජීවී සම්පත් දේශපාලනඥයන් ගේ ගොදුරු බවට පත් කර දිගින් දිගට ම වනජීවී රක්ෂිත විනාශ කිරීමට එරෙහි ව
බොරු ප්රකාශවලින් තොර සැබෑ ක්රියාමාර්ග ගන්නා ලෙස අප ජාතියේ නාමයෙන් ඉල්ලා සිටිමු.
සජීව චාමිකර – පරිසර සංරක්ෂණ භාරය

One comment on “මන්නාරම, යෝධ වැව අභය භූමියේ අක්කර 75 ක වනාන්තරයක්,වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයෙන් එළි පෙහෙළි කෙරේ

  1. Lakshitha on said:

    Mewa karana kalakanni BALLANWA hedigewenna ona.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

12,428 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.