බර්ලින් සම්බෝධි විහාරයේ කඨින මහ පූජෝත්ස්වය මහ ඉහළින්

ජර්මනියේ බර්ලින් නුවර ශිරී සම්බෝධි විහාරස්ථ මෙවර කඨින මහා පූජෝත්ස්වය ඔක්තෝබර් මස 22 වැනි සෙනසුරාදා දින පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා බර්ලින් බෞද්ධ සංගම්ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් බර්ලින් සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති හා ගම්පහ දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙන් රජමහා විහාරාධිපති ශාස්තරපති පූජ්‍ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්විණි.ජර්මනියේ නව තානාපති සරත් කෝන්ගහගේ මැතිතුමා විසින් සධාතුක ධාතු කරඬුව වැඩමවීමෙන් අනතුරුව ශාස්තරපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමිපාණන් විසින් වැඩමවා වදාළ මහා සංඝරත්නය සහ විශේෂ ආරාධිත අමුත්තන් පිළිගැනීම සිදු කළ අතර ඉන් අනතුරුව සාම්පරදායික පොල් තෙල් පහණ දැල්වීම ජර්මනියේ නව තානාපති අධිනීතිඥ සරත් කෝන්ගහගේ මහතා, බර්ලින් ජර්මන් බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය රෙනර් නොආක් සහ ජර්මන් සිංහල පින්වතුන් හා දරු දැරියන් අතින් සිදු කෙරණි. පිරිස පඤ්චශීලයෙහි පිහිටවීම දෙහිවල මහාබෝධි විහාරාධිපති විස්රාමලත් විදුහල්පති ශාස්තරපති ගරු. මිහිරිපැන්නේ සෝභිත හිමිපාණන් වහන්සේ අතින් සිදු කිරීමෙන් අනතුරුව කඨිනානිශංස අනුශාසනාව ඔස්ට්රියාවේ වියානානුවර ඤාණපෝණික බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය විජයරාජපුර සීලවංශ නාහිමි පාණන්වහන්සේ විසින් ජර්මන් භාෂාවෙන් පවත්වනු ලැබීය. දහවල් සංඝගත දක්‍ෂිණාව පැවැත්වීමෙන් අනතුරුව කඨින චීවර පූජාව සිදු කරනු ලැබීය. කඨින පිංකම අවසානයේ බර්ලින් සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්තරපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් විසින් පුණ්‍යානුමෝදනාව සිදු කළ අතර විශේෂ අනුශාසනාවක් සිදු කරමින් ජර්මනියේ නව තානාපති සරත් කෝන්ගහගේ මහතාට සහ වසර දෙකක කාල සීමාවක් ජර්මනියේ නියෝජ්‍ය තානාපති ලෙසට කටයුතු කර සිය සේවා කාලය අවසන්කොට ලංකාවට තව දුරටත් සේවය කිරීම සඳහා පිටත්ව යන මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාට ද තෙරුවන් සරණේ ආශිර්වාදය ලබාදීමට මෙය අවස්ථාවක් කරගන්නා බව පැවසීය. නව තානාපති සරත් කෝන්ගහගේ මහතා හිටපු පාර්ලිමේන්තු මන්තීරීවරයෙක් මෙන්ම ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ ලේක්හවුසියේ හිටපු සභාපති බවත් පරිණත බුද්ධියකින් හා විපුල අත්දැකීම් රාශියකින් හෙබි අධිනීතිඥයකු වන බවත් එතුමාගෙන් ද නියෝජ්‍ය තානාපති තුමන් විසින් සිදු කරන්නට යෙදුන විපුල සේවාව ජර්මනිය තුළ ඉදිරියටත් සිදු කෙරෙනු ඇතැයි තම විස්වාශය බව පැවසූහ. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ ලංකාව තුළ පැවති තරස්තවාදය අතුගා දැමීමට පෙරමුණගත් වීර සෙන්පතියන් අතර මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා සුවිශේෂි චරිතයක් වන බවත් තම ජීවිතය පරදුවට තබා රට බේරා ගැනීමට කටයුතු කළ බවත් තමන් වහන්සේ ජර්මනියේ වසර 19 ක කාලයක් තිස්සේ වැඩ වසමින් ලංකා තානාපතිවරු හය හත් දෙනෙක් සමග එකට කටයුතු කළ බවත් මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගෙන් තරම් එම තානාපතිවරුන්ගෙන් ජර්මනියේ වෙසෙන ලාංකිකයන්ට සේවාවක් සිදු නොකෙරුන බවත් පැවසූහ. තානාපති කාර්යාලයේ අවුරුදු උත්සව, වෙසක් උත්සව, පිරිත් පිංකම්, දීපාවලි උත්සව, නත්තල් උත්සව ආදිය කිසි දිනක නොපැවැත්වුන බවත් නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා සිය කටයුතු භාරගත් දින සිට මෙබඳු උත්සවයන් පැවැත්වීමෙන් ජර්මනියේ වෙසෙන ලාංකිකයන් තුළ සමගිය සමාදානය ඇතිකිරීමේලා අප්රතිහත ධෛරයයෙන් කටයුතු කළ බවත් කිසි දිනක ජර්මනියේ ලංකා තානාපති කාර්යාල භූමියට නොපැමිණි ද්රවිඩ පිරිසක් උත්සවවලට සහභාගි කරගනිමින් සිංහල ද්රවිඩ පිරිස් තුළ එකමුතුව ඇති 02 කිරීමට කටයුතු කළ බවත් පැවසීය. ඒ අතර ජගත් ඩයස් මහතාට ජර්මනියේ සහ ස්විස්ටර්ලන්තයේ මාධ්‍යවලින් ද නොයෙකුත් අභියෝගයන්වලට මුහුණ දීමට සිදු වූ බවත් ඒ සියල්ලටම එතුමා නිර්භයවම මුහුණදී කටයුතු කළ බවත් අපට පළමුව අපේ රට රැකිය යුතු බවත් රට රැකුණොත් ජාතියත් ආගමත් රැගෙන බවත් රට රැකීමට දිවි පරදුවට තබා කටයුතු කළ සෙන්පති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා අපේ රටත්, ජාතියත් ආගමත් රැක දීමේ පුරෝගාමියෙකු වූ බවත් ශාස්තරපති පූජ්‍ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමිපාණෝ වැඩිදුරටත් පැවසූහ. රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් විසින් නව තානාපති අධිනීතිඥ සරත් කෝන්ගහගේ මහතාගේ හිස මත සධාතුක ධාතු කරඬුව තබා නව තානාපතිතුමන්ට ද සිය සේවාව සිදු කරගෙනයාමටත් රට රැකීමට ඇප කැපවී සිටින මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාට සිය රාජකාරිය තවදුරටත් සිදු කරගෙනයාමටත් නිදුක් නිරෝගී සුවය ප්රාර්ථනා කරනු පිණිසත් සධාතුක ධාතු කරඬුව මහා සංඝ රත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමාගේ හිස මත තබා ආශිර්වාද කළහ. නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා කථා කරමින් වසර දෙකක කාලයක් ජර්මනියේ වෙසෙන ලාංකිකයන් ඇසුරු කරමින් බොහෝ දේ උගත් බවත් තමන්ට හැකි පමණින් සතුටුවිය හැකි සේවාවක් කළ බවත් ලාංකික සැමගෙන් ඒ සඳහා අනගි සහයෝගයක් ලැබුණ බවත් එම සහයෝගය නව තානාපතිතුමන් වෙත ද ඉදිරියටත් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි අතර ලාංකිකයන් අතර සමගිය ඇති කිරීමට තමන්ට කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බවත් පැවසීය. තවදුරටත් කථා කළ ජගත් ඩයස් මහතා කොහේ හිටියත් තම මව්බිම අමතක නොකර රට වෙනුවෙන් කටයුතු සිදු කරන ලෙසත් අප රට වෙනුවෙන් තවමත් සතුරු බලවේග පවතින බව අමතක නොකරන ලෙසටත්  ලාංකික සැමගෙන් ඉල්ලා සිටියේය. මෙම කඨින මහා පූජෝත්ස්වයට ලංකාවේ සිට දෙහිවල මහාබෝධි විහාරාධිපති විශ්රාමලත් විදුහල්පති ශාස්තරපති ගරු. මිහිරිපැන්නේ සෝභිත ස්වාමීන් වහන්සේ, මාතර වැවුරුකන්නල රජමහා විහාරාවාසී හා නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්තරපති ගරු. දික්වැල්ලේ සීලසුමන හිමි, ඔස්ටේලියාවේ වියානානුවර ඤාණපෝණික බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය ගරු. විජයරාජපුර සීලවංශ නායක ස්වාමීන් වහන්සේ, මාර්බර්ග් විශ්ව විද්‍යාලයේ තම්මැන්නාවේ ධම්මානන්ද හිමි, මියුනිච් ධර්ම නිකේතනයේ ශාස්තරපති කන්නිමහර පියසිරි හිමි, බර්ලින් විහාරවාසී ශාස්තරපති කෝන්ගස්පිටියේ ශාන්ත රක්ඛිතහිමි, හැම්බර්ග් බෞද්ධ විහාරවාසී ශාස්තරපති තල්පාවිල කුසලඤාණ හිමි යන භික්‍ෂූන්වහන්සේලා වැඩම කළ හ. මෙවර කඨින චිවරයේ දායකත්වය රංජනී ද සිල්වා මහත්මිය විසින් භාරගෙන කටයුතු කළ අතර කඨින චීවරය බර්ලින්නුවර ලාංකික බෞද්ධ පින්වතියන් අතින්ම මැසීම ද පළමු වතාවට සිදු කෙරුණ අතර එය ඓතිහාසික සිදුවීමක් විය. කඨින පූජෝත්ස්වය සිදු කෙරුණ මෙදින කප්රුක් පූජාවක් ද සිදු කිරීම විශේෂත්වයක් විය. ජර්මනියේ නව තානාපති අධිනීතිඥ සරත් කෝන්ගහගේ මැතිතුමා නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා ඇතුළු සිංහල, හා ජර්මන් ජාතික බෞද්ධයන් විශාල පිරිසක් මෙම කඨින මහා පූජෝත්ස්වයට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

16,159 Spam Comments Blocked so far by Spam Free Wordpress

HTML tags are not allowed.