Monthly Archives: April 2012

බුත්තල රක්ෂිත වනාන්තර මහා පරිමාණයෙන් වනසද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඩයි

මොණරාගල දිස්තිරික්කයට අයත් බුත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ නියදැල්ල, දෙමෝදර, උපාලිය,කළුදියඇල්ල, තෙනගල්ලන්ද, බෝපිටිය, ඇතිමලේ, කොටියාගල, ඉත්තෑකටුව ආදී ප්රදේශවල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 20,000 ක් පමණ විවිධ පුද්ගලයන් විසින් හේන් වගාව සහ මැණික් ගැරීම් සඳහා අනවසරින් අත්පත් කර ගෙන තිබේ. මේ සම්පූර්ණ වනාන්තර ප්රදේශය ම අක්කර 10 සිට 300 අතර කොටස්වලට වෙන් කර මහ පරිමාණ හේන් වගාවන් හා මැණික් ගැරීම් සිදු කරනු ලැබේ. Read more »

දඹුල්ල මස්ජිදය යළි විවෘතයි

දඹුල්ල පූජා භුමියේ පිහිටා තිබෙන මස්ජිද් හා කෝවිල් ඇතුළු ගොඩනැගිළි කිහිපයක් ඉවත්කරන්නයි ඉල්ලා ඊයේ (20) දින දඹුල්ල රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් විරෝධදාවක් පැවැත්වුණි. එහිදි එම මුස්ලිම් මස්ජිදයට ඉවත් කිරීමට විරෝධතාවට එක් වූ පිරිස උත්සහ කර ඇති අතර එදිනම පොලීසිය විසින් මුස්ලිම් ජනතාවට මස්ජිදයතුලට යෑමටද තහනම් කර තිබුණි. Read more »

ලංකාවේ ව්යවස්ථාව සංශෝධනය කළ යුත්තේ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මිස ඉන්දීය පාර්ලිමේන්තුවේ නොවේ

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මෙරටට පැමිණ ඇත. අසල්වැසි රටක එවැනි නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ මෙහි ඇති සැබෑ තතු දැනගැනීමට පෙළඹීම පිළිබඳව අපි සතුටු වෙමු. නමුත් ඔවුන් මෙහි පැමිණ කටයුතු කළ යුත්තේ ලංකාව තමන්ට සමාන ස්වෛරී රාජ්යඳයක් බවත්, එහි තීරණ ගැනීම සිදුවන්නේ ජනතා පරමාධිපත්ය්යට අනුව බවත් හොඳින් වටහාගෙනය. ලංකාවේ ආණ්ඩුක්රම ව්ය වස්ථාව හා බලය බෙදීම පිළිබඳව කටයුතු කළ යුත්තේ ලංකා පාර්ලිමේන්තුව මිස ඉන්දීය පාර්ලිමේන්තුව නොවන බවද අපි අවධාරණය කරමු. Read more »

බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම් දේශපාලකයෝ එක හඩින් නැගී සිටිද්දී බෞද්ධ දේශපාලූවෝ නපුංසකයන් සේ හිදී

මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් යැයි අප මහා ලොකුවට උදම් අණති. නමුත් මේ වන විට මේ රට තනිකරම මුස්ලිම් රටක් බවට පත් වෙමින් පවතී.

මේ වන විට ඓතිහාසික බෞද්ධ උරුමයන් රැසක් ආක‍්‍රමණය කොට අවසන්ය. එහි නවතම ගොදුර බවට පත්ව ඇත්තේ ඓතිහාසික රංගිරි දඹුලූ රාජමහා විහාරයයි. සාංඝික පුද බිමේ මේ වනවිට පල්ලි ගුබ්බෑයිම අටවා අවසන්ය. ඊයේ දිනයේදී මේ අන්තවාදීන්ගේ තිරශ්චීන ආක‍්‍රමණයට එරෙහිව ජාතිමාමක සිංහල බෞද්ධයන් පැවැත් වූ සාමකාමී විරෝධතාව නිමා වූයේ නීත්‍යානුකූලව රාජ්‍ය නිළධාරීන්ගේ අත්සනින් ලිපියක් නිකුත් කොට මුද්‍රා තැබීමෙනි. Read more »

දඹුල්ලේ මුස්ලිම් පල්ලිය 23ට කලින් ඉවත් කරන්න

දඹුල්ල රජ මහා විහාරස්ථානයට අයත් අක්කර 300 ක් පමණ වන ඉඩම් පූජා භූමි සංවර්ධනයට යැයි පවසමින් රජය විසින් පවරාගෙන ඇති  නමුත්, ඒවා දේශපාලනඥයින්ගේ අවශ්‍යතා  මත අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරිම සදහා ලබා දී ඇති  බවට චෝදනා කරමින්, අද (20) පෙරවරුවේ සිට දඹුල්ලේ උද්ඝෝෂණයක් පැවැත්වුනි. සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක ඉනාමලූවේ ශ‍්‍රී සුමංගල හිමියන් එහි පෙරමුණ ගෙන සිටිති. Read more »